ක්ෂණික ණය

ඔබට හදිසි මුදල් අවශ්‍යතාවක්ද? අපගේ කඩිනම් සහ පහසු ක්ෂණික සේවාව, ක්ෂණිකව ඔබට මුදල් ලබා දීමට කටයුතු කරයි. ඔබගේ මුල්‍ය අවශ්‍යතාව කුමක් වුවත්, ඔබ කළ යුත්තේ Genie යෙදවුම ඩවුන්ලෝඩ් කර, ණය පහසුකම තෝරා, අයදුම් කිරීමට ඔබ සුදුසුකම් සපුරා තිබේදැයි පරික්ෂා කිරීම පමණි. යෙදවුම තුළ ඇති ණය කැල්කියුලේටරය මගින්, ඔබ අයදුම්කරන ණය මුදලේ ප්‍රමාණය මත පොළී අනුපාතය, මාසික වාරිකය සහ යළි පියවීමේ කාලය ආදී තොරතුරු ඔබට ලබා දෙයි.

මෙම ක්‍රියාවලිය මුළුමනින්ම ඩිජිටල්කරණයකර ඇති බැවින්, ශාඛාවකට පිවිසීමෙන් තොරව ඕනෑම මොහොතක, ඕනෑම තැනක සිට ඔබට ණයක් ලබා ගැනීමට අයදුම් කළ හැකිය. ඔබගේ ණය මුදල අනුමත වූ පසුව ඩයලොග් ෆිනෑන්ස් ඉතිරිකිරීමේ ගිණුමක් නොමිලේම හිමිවන බැවින්, දැනටමත් ගිණුමක් නොතිබීම ගැටළුවක් නොවේ. එම ගිණුම හරහා ඔබට ණය යළි පියවිය හැකි අතර, කලින් ණය පියවීම්වලදී අමතර ගාස්තුවක් ගෙවීමට අවශ්‍ය නොවීම අමතර වාසියකි.

Key Features
ඕනෑම මොහොතක, ඕනෑම තැනක සිට සේවාව ලබාගත හැකි වීම
කඩිනම් සහ පහසු ක්‍රමවේදය
මුළුමනින්ම ඩිජිටල්කරණය වූ අයදුම්පත්‍රය
ඩයලොග් ෆිනෑන්ස් ඉතිරිකිරීමේ ගිණුමක් නොමිලේ
වේගවත්ම විධිමත් ක්ෂණික ණය සේවාව
  • මුළුමනින්ම ඩිජිටල්කරණය වූ අයදුම්පත්‍රය
  • කඩිනමින් ණය ක්‍රියාවලිය සම්පූර්ණකර දින 02 ක් තුළ ඔබට මුදල්
  • ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කෙරේ
පහසුවෙන් ගෙවීම් සිදු කරන්න
  • ඔබගේ ඩයලොග් ෆිනෑන්ස් ඉතිරිකිරීමේ ගිණුම හරහා ජංගම දුරකථනයෙන් ණය යළි පියවීමේ හැකියාව
  • කලින් ණය පියවීමේදී දඩ මුදලක් අය නොවේ
ස්මාර්ට්ම විකල්ප ණය ක්‍රමය
  • ක්ෂණික ණය සඳහා අයදුම් කිරීමට දැනටමත් ගිණුමක් තිබීම අවශ්‍ය නොවේ
  • ඔබ සහ ඩයලොග් සමාගම අතර ඇති සම්බන්ධතාව මත ඔබේ සුදුසුකම් තීරණය වේ
  • සියලු අයදුම්පත් CRIB කියාවලියට අදාළ වේ
සේවාව පිළිබඳ නිතර අසන ප්‍රශ්න
ක්ෂණික ණය යනු කුමක්ද?
Genie යෙදවුම හරහා ජංගම දුරකථනයෙන් ණය මුදලක් අයදුම් කිරීමට කලින් තෝරාගත් පාරිභෝගිකයින් හට අවස්ථාව හිමිකර දීමට ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී සමාගම හඳුන්වා දී ඇති මුල්‍ය විසඳුමක්
තෝරාගැනීමට ඇති ණය පහසුකම් මොනවාද?
ඔබගේ ණය සුදුසුකම් මත, කලින් සකස්කරන ලද ණය මුදලක් ලබාගත හැකිය. ඔබට නිර්දේශකර ඇති අවම සහ උපරිම ණය මුදල අතර ඕනෑම මුදලක් ඔබට අයදුම් කළ හැකිය.
ණය මුදලක් ලබා ගැනීමට ඇපකරුවෙකු අවශ්‍යද?
ඔව්. ඔබට පුද්ගලික ඇපකරුවෙකු අවශ්‍ය වේ. ඔබ යෙදවුමේ ඇපකරුගේ තොරතුරු ඇතුළත් කළ පසුව, අප විසින් ඔහුට/ඇයට SMS පණිවිඩයක් හරහා ලින්ක් එකක් යොමු කරනු ලැබේ. එම ලින්ක් එකට පිවිසීමෙන් තමන්ගේ අනුමැතිය ඊට ලබා දිය හැකිය. ඉන් පසුව අපගේ කණ්ඩායම එම ඇපකරුට වීඩියෝ ඇමතුමක් ලබා ගනිමින් ඇපකරු තහවුරුකර ගනී.
මා ලියකියවිලි ඉදිරිපත් කළ යුතුද?
ඔබගේ ජාතික හැඳුනුම්පතේ ඡායාරූපයක්, ජාතික හැඳුනුම්පතේ දැක්වෙන ලිපිනය සහ දැනට පදිංචි ලිපිනය වෙනස් නම් බිල්පත් සාක්ෂ්‍යක් සහ සෙල්ෆි ඡායාරූපයක් ඉ-අයදුම්පත්‍රයට අප්ලෝඩ් කළ යුතුය.
මට/මාගේ ඇපකරුට දුරකථන ඇමතුම මග හැරිණි. මා කුමක් කළ යුතුද?
අපගෙන් ඇමතුම ලැබෙන තුරු රැඳී සිටින්න. තහවුරුකර ගැනීමට අප ලබා දෙන ඇමතුම ඔබට හෝ ඔබගේ ඇපකරුට තෙවරකට වඩා වැඩි වාර ගණනක් මග හැරුණහොත්, ඇපකරු තහවුරුකර ගැනීමට අපොහොසත්වීම මත ඔබගේ ණය අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප වේ. ඔබට වෙනත් ඇපකරුවෙකු ඇතුළත්කර ඉදිරියට යා හැකිය.
මාගේ ණය මුදල තැන්පත් වන්නේ කුමන ගිණුමටද?
අප විසින් ඔබට ලබාදෙන ඩයලොග් ෆිනෑන්ස් ඉතිරිකිරීමේ ගිණුමට ඔබගේ ණය මුදල තැන්පත් කෙරේ. ඔබට දැනටමත් අපගේ ගිණුමක් ඇත්නම්, එම ගිණුමට බැර කෙරේ.
ණය මුදලක් ලබා ගන්නේ කෙසේද?
Genie යෙදවුමට ලොග් වී 'Loans' තෝරා 'Quick Loan' තෝරන්න. 'Quick Loan' තේරීමෙන් පසුව ඔබට ලබාගත හැකි ණය මුදල දිස්වනු ඇත. ඔබට නිර්දේශිත ණය පරාසය තුළ ඔබට අවශ්‍ය මුදල සහ ඔබ කැමති යළි පියවීමේ කාලය තෝරා අයදුම්පත්‍රය යොමු කරන්න. ඉන්පසුව ඔබගේ තොරතුරු පරික්ෂාකර ඔබව තහවුරුකර ගැනීමට වීඩියෝ ඇමතුමක් ලැබෙනු ඇත.
මාගේ ණය කාලය හෝ යළි පියවීමේ කාලය කුමක්ද?
ණය කාලය මාස 03 සිට 06 දක්වා වේ. යෙදවුමේ දැක්වෙන අවම සහ උපරිම කාලය අතර කාල සීමාවක් ඔබට තෝරාගත හැකිය.
මෙම ණය මුදල ලබා ගැනීමට මා ඩයලොග් මධ්‍යස්ථානයකට යා යුතුද?
නැත.
මාගේ ණය කාර්යසාධනය ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයට (CRIB) දැනුම් දෙනවාද?
ඔව්. ඒ පිළිබඳ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයට දැනුම්දෙනු ලැබේ.
අදාළ ගාස්තු පිළිබඳ නිතර අසන ප්‍රශ්න
පොළිය ලෙස මාගෙන් කොපමණ මුදලක් අය කරනවාද?
යෙදවුමේ ණය මුදල තේරීමට පෙර සියලු ගාස්තු සහ වාරික පිළිබඳ විස්තර දැකගත හැකිය. පොළී අනුපාත සඳහා: මෙතනින් පිවිසෙන්න
ණය සැකසුම් ගාස්තුවක් අය කරනවාද?
ඔව්. අය කෙරෙන ගාස්තුව ණය මුදල තෝරන අවස්ථාවේදී 'processing fee' ලෙස පෙන්නුම් කෙරෙන අතර එම මුදල ඔබට ලබා දෙන ණය මුදලින් අඩු කෙරේ.
ප්‍රමාද ගාස්තු අය කරනවාද?
ඔව්. හිඟ මුදල සඳහා මූලික අගයෙන් 3% ක අමතර ගාස්තුවක් අය කෙරේ.
වාරික සහ ගෙවීම් පිළිබඳ නිතර අසන ප්‍රශ්න
ණය, වාරික සහ දඩ ගණනය කිරීමේ ක්‍රමවේදය
මාසයක් යනු කුමක්ද?

ණය මුදල ලබාගත් දින සිට දින 30 කි (කැලෙන්ඩර් මාසයක් නොවේ). උදා: පාරිභෝගිකයෙකු මාස 03 ක කාලයක් සඳහා ජනවාරි 5 වනදා ණය මුදලක් ලබා ගත්තේ නම්, එය අප්‍රේල් මස 04 වනදා ගෙවිය යුතු වේ.

ප්‍රමාද ගෙවීම් සඳහා මාගේ දෛනික දඩ පොළිය ගණනය කෙරෙන්නේ කෙසේද?

දඩ පොළිය ගණනය කිරීමේදී ප්‍රමාද වී ඇති දින ගණන සැලකිල්ලට ගනී. උදා: ණය මුදල ගෙවීමට නියමිතව තිබුණේ ජුනි 02 වැනිදා නම්, එය පියවූයේ ජුනි 04 වනදා නම් දඩ පොළිය ගණනය වන්නේ දින 02 ක් සඳහාය. මෙය, සතිඅන්ත සහ නිවාඩු දින ද ඇතුළත්වය.
මා ණය යළි පියවන්නේ කෙසේද?
ඔබගේ ඩයලොග් ෆිනෑන්ස් ගිණුමට මුදල් යොමු කරන්න. ගෙවීමට නියමිත දිනයේදී අදාළ මුදල ස්වයංක්‍රීයව අඩුකර ගැනේ. ගෙවීමට නියමිත දිනට දින 07 කට පෙර, ගෙවීමට නියමිත අගය ගිණුමේ අවහිර කරනු ලැබේ.
ණය කලින් පියවීමේදී කිසියම් ප්‍රතිලාභයක් හිමි වනවාද?
ඔබ කලින් ණය පියවන දිනය දක්වා පමණක් පොළිය ගණනය කෙරේ.
මාගේ ණය තොරතුරු දැකගන්නේ කෙසේද?
යෙදවුමේ 'Quick Loan' අංශය යටතේ සියලු ණය තොරතුරු දැකගත හැකිය.
ස්ථාවර නියෝගයක් හරහා මාසික වාරිකය ඩයලොග් ඉතිරිකිරීමේ ගිණුමට බැර කළ හැකිද?
ඔව්. වාරිකය ස්වයංක්‍රීයව ඩයලොග් ෆිනෑන්ස් ඉතිරිකිරීමේ ගිණුමට බැරවනු ඇත. ඔබගේ ඩයලොග් ෆිනෑන්ස් ඉතිරිකිරීමේ ගිණුමට මුදල් යොමු කිරීමට Genie යෙදවුමට මුදල් යොමු කිරීමට ස්ථාවර නියෝගයක් ලබා දිය හැකිය.
ඕනෑම මොහොතක මා හට මුළු ණය මුදලම ගෙවා දැමිය හැකිද?
ඔව්. යෙදවුමේ 'Full Loan Settlement' වෙත ගොස් ඩයලොග් ෆිනෑන්ස් ගිණුම හරහා ණය මුදල ගෙවා දැමිය හැකිය.
වාරික ගෙවීම් සඳහා මාගෙන් ගාස්තුවක් අය කෙරෙනවාද?
නැත. සේවා ගාස්තු අදාළ වන්නේ ගිණුමෙන් ස්වයංක්‍රීයව අයකර ගනු ලබන වාරික සඳහාය.
Let's Get In Touch

    * Required Fields

    This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.