Lesi Pay

ලංකාවේ අපිට අලුත් Smart Phone එකක් ගන්න තියන ලේසිම විදිහ

Dialog Finance PLC හඳුන්වා දී ඇති LesiPay සමඟින් ඔබේ ඊළඟ smartphone එක ඉතා ලේසියෙන්, ඉක්මනින් සහ අඩු වියදමකින් ලබාගන්න. ශ්‍රී ලංකාවේ පළමු වරට මාස 12ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රමයකට, රට පුරා කොහේ සිටියත් ඔබට අවශ්‍ය නවතම smartphone එක මිලදී ගැනීමට මේ හරහා දැන් ඔබට පුළුවන්.

ඔබ මේ සඳහා eligible ද යන්න විනාඩි කිහිපයකින් Genie App එක හරහා පරීක්ෂා කරගන්න. ඔබ eligible නම්, ඔබට අවශ්‍ය දුරකතනය තෝරාගෙන, App එක හරහාම ණය සඳහා ඉල්ලුම් කර, දුරකතනය ඔබේ ගෙදරටම ගෙන්වාගන්න පුළුවන්.
ඒ වගේම, ඔබේ මාසික වාරික, කැමති ඕනෑම වෙලාවක Genie App එක හරහාම ගෙවන්නත් පුළුවන්.

විශේෂතා
Credit Card අවශ්‍ය නැත
ඇපකරුවන් අවශ්‍ය නැත
ඉක්මන් අනුමැතිය ලැබෙනවා
අමතර ලියකියවිලි අවශ්‍ය නැත
අලුත්ම ස්මාර්ට් ජංගම දුරකතන සහ ටැබ්ලට් පරිගණක තෝරාගැනීමේ හැකියාව
ඔබේ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුව
හිතේ තියෙන ස්මාර්ට් ජංගම දුරකතනය දැන් ඔබේ නිවසටම ගෙන්වාගෙන, ලේසියෙන්ම ටික ටික ගෙවන්න!

LesiPay සමඟින් දැන් ඔබට, පොඩි මූලික ගෙවීමක් කරලා, මාස 12ක් දක්වා ටික ටික ගෙවන්න අලුත්ම smartphone එකක් අරන්, ආරක්ෂිතව ගෙදරටම ගෙන්වාගන්න පුළුවන්. මේ තමයි අලුත්ම smartphone එකක් ගන්න පුළුවක් ලේසිම ක්‍රමය:
  • මාස 12ක් දක්වා ගෙවන්න පුළුවන්. Credit කාඩ්පත් හෝ ඇපකරුවන් අවශ්‍ය වෙන්නේ නැහැ.
  • ඉක්මන් අනුමැතිය ලැබෙනවා. අමතර ලියකියවිලි ඕනෙත් නැහැ, අවශ්‍ය වෙන්නේ ඔබේ ජාතික හැඳුනුම්පත සහ මූලික ගෙවීම විතරයි.
  • සැඟවුණු ගාස්තු නැත: මේක සරල, පැහැදිලි ක්‍රියාවලියක්.
මේ සුපිරි පහසු වාරික ගෙවීමේ ක්‍රමය ශ්‍රී ලංකාවේ පළමු වරට LesiPay මගින් ඔබට ලැබෙනවා. අදම genie App එක download කරගෙන ඔබේ eligibility එක පරීක්ෂා කරගන්න.
දැන් අවුරුද්දයි! පරණ phone එක අලුත් කරන්න කාලේ හරි!
ඔබ LesiPay හරහා smartphone එකක් මිලදීගත්තේ මාස 15ක් ඇතුළත නම්, ඔබට එය අලුත්ම smartphone එකක් සදහා upgrade කිරීමට පුළුවන්! ඔබ කළයුත්තේ, දැනට භාවිත කරන දුරකතනය ඕනෑම Dialog Experience Center එකකට ගෙනවිත් දීමයි. ඊට පසුව LesiPay පහසු ගෙවීමේ ක්‍රමය යටතේම අලුත්ම smartphone එකකට මාරුවෙන්න පුළුවන්.

මේක කරන්නේ මෙහෙමයි:

  • ඔබේ පරණ phone එකට මේ link එකෙන් සුදුසුකම් තියෙනවද කියලා බලන්න: https://tradeupgo.com
  • Phone එක සුදුසු නම්, වවුචරයක් අරන්, Genie App එක හරහා අලුත් phone එක වෙන් කරගන්න.
  • ඊට පස්සේ Dialog ආයතනයකට ගියාම, ඔබේ පරණ phone එකේ වටිනාකම අලුත් phone එකේ මිලෙන් අඩු කරනවා.
ඉතින් මේක හරිම ලේසියි.
"Shield Gold by ProTech" සමඟින් ඔබේ දුරකතනයට පූර්ණ ආරක්ෂාවක්!
ශ්‍රී ලංකාවේ පළමු වරට!

අලුතෙන් ගන්න phone එක ආරක්ෂා කරගන්න ඕනද? "ProTech" වෙතින් හඳුන්වාදෙන "Shield Gold" සමඟින් දැන් ඔබේ අලුත් phone එකට smart ආරක්ෂාවක් කරගන්න. Phone එකේ screen එක කැඩුණත්, වතුරට වැටුණත්, බය වෙන්න දෙයක් නෑ! ඉක්මනින්ම, ලේසියෙන්ම හදලා දෙන්න අපි ඉන්නවා. මේ Shield plan එක තිබෙන්නේ LesiPay හරහා මිලදීගන්න phones වලට පමණයි. ඒ වගේම, මිල ගණන් phone එකේ වර්ගය අනුව වෙනස් වෙනවා. Phone එක මිලදීගත් දිනයේ සිට මාස 12ක් ඇතුළත එක් වරක් අලුත්වැඩියා කරගන්න පුළුවන්, නැත්නම් replacement අවස්ථාවක් ලබාගන්නත් පුළුවන්. අහඹු හානි අලුත්වැඩියා සඳහා රු. 2,000ක් වගේ පොඩි ගාස්තුවක් ගෙවිය යුතුයි. Phone එක සම්පූර්ණයෙන්ම replace කරනවා නම්, ඒ සඳහා වැය වන මිලෙන් 20% ක් ගෙවිය යුතුයි. ඉතින්, phone එක ගන්න වෙලාවේදිම "Shield Gold by ProTech" එකට ලියාපදිංචි වෙන්න අමතක කරන්න එපා. යම් හානියක් වුණොත් online claim කරගන්න, නැත්නම් ළඟම තිබෙන Dialog Customer Experience Center එකකට යන්න.
Genie යනු ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් හට Lesi Pay ණය පහසුකම පිරිනමන මුල්‍ය වෙළෙඳපොළයි. genie යෙදවුම හරහා ඔබට ඒ සඳහා සුදුසුකම් ඇත්දැයි පරික්ෂාකර ගත හැක. වැඩිදුර විස්තර සඳහා වීඩියෝව නරඹන්න: bit.ly/LPEligibility.

ඔබට ස්මාර්ට් ජංගම දුරකථනයක් නොමැති නම්,#2020# අමතන්න.
ඔබ කැමති ජංගම දුරකතන සන්නාමය මත click කර, LesiPay ණය පහසුකම යටතේ ලබාගත හැකි නවතම දුරකතන මාදිලියන් මොනවාදැයි බලන්න.
ණය සඳහා අයදුම් කිරීමේදී online අයදුම්පත සම්පූර්ණ කිරීමට ගත වන්නේ ඉතාමත් පොඩි කාලයක් පමණයි. ඔබගේ ජාතික හැඳුනුම්පත (NIC) සූදානම් කරගෙන, selfie එකක් ගැනීමට සූදානම් වන්න. ඔබ අයදුම්පත ඉදිරිපත් කළ පසු, genie කණ්ඩායම වීඩියෝ ඇමතුමක් මඟින් ඔබගේ ඉතුරුම් ගිණුමේ තොරතුරු තහවුරු කරනු ඇත. ඉන්පසුව, ඔබට Dialog Finance සමාගමෙන් genie Digital Savings Account එකක් සාර්ථකව හිමි වනු ඇත

ණය පහසුකමට අයදුම් කරන්නේ කෙසේද' වීඩියෝව නරඹන්න: bit.ly/LPAplyLoan
LesiPay සමඟින් ඔබේ මාසික වාරික ගෙවීම් දැන් ඉතා පහසුයි!
ගෙවීම් සදහා එහා මෙහා දුවන්නට හෝ ගෙවීම් රිසිට්පත් යවන්නට දැන් අවශ්‍ය නැහැ. ඔබට අවශ්‍ය ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට ඔබගේ genie Digital Savings Account, eZ Cash wallet, හෝ genie App එකට සම්බන්ධ කර ඇති වෙනත් ඕනෑම ගෙවීමේ ක්‍රමයක් භාවිතා කර, ක්ෂණිකව වාරික ගෙවීම සිදුකල හැකියි.

ලේසි Pay උපාංග ණය පහසුවෙන් ගෙවන්නේ කෙසේදැයි බැලීමට, අපගේ මේ වීඩියෝව බලන්න! bit.ly/LPLoanpay
නිතර අසන ප්‍රශ්න (FAQ)
Lesi Pay යනු කුමක්ද?
Lesi Pay යනු, වාරික වශයෙන් ගෙවා තමන් කැමති උපාංගයක් මිලදී ගැනීමට ක්ෂුද්‍ර ණය ලබා දෙන උපාංග මුල්‍යයන විසඳුමකි.
මට LesiPay සඳහා සුදුසුකම් තිබේදැයි දැනගන්නේ කෙසේද?
  • Smartphone භාවිත කරන අය සඳහා: Google Play Store හෝ App Store වෙතින් genie App එක Download කර එහි ඇති උපදෙස් අනුගමනය කරන්න.
  • Feature Phone භාවිතා කරන්නන් සඳහා: ඔබගේ දුරකතනයෙන් #2020# අමතා උපදෙස් අනුගමනය කරන්න.
  • ඔබට අලෙවිසැලකට යාමට අවශ්‍ය නම්: ඔබගේ ජාතික හැඳුනුම්පත (NIC) සමඟ ළඟම ඇති Dialog අලෙවිසැලකට ගොස් එහි සිටින නියෝජිතයෙකුගෙන් විමසන්න.
ණය පහසුකම සඳහා මා හට SMS පණිවිඩයක් නොලැබුණේ ඇයි?
Google Play Store හෝ Apple Store හරහා Genie යෙදවුම ඩවුන්ලෝඩ්කර ලබා දී ඇති උපදෙස් අනුගමනය කිරීමෙන් හෝ #2020# ඇමතීමෙන් ඔබට පරික්ෂාකර ගත හැකිය.
මා හට ස්මාර්ට් ජංගම දුරකථනයක් නැති බැවින් මෙම පහසුකම සක්‍රීයකර ගැනීමට වෙනත් ක්‍රමයක් තිබේද?
#2020# ඇමතීමෙන් පාරිභෝගිකයාට තමන් ඊට සුදුසුදැයි පරික්ෂා කළ හැකි වුවත්, Genie යෙදවුම හරහා අයදුම් කිරීමට ස්මාර්ට් ජංගම දුරකථනයක් තිබීම අවශ්‍ය වේ. (සාමාන්‍ය දුරකථන හරහා අයදුම් කිරීමේ ක්‍රමවේදය හඳුන්වාදෙන තුරු තාවකාලික සීමා පවතී)
අයදුම් කිරීමේදී මා ලබාදිය යුතු තොරතුරු මොනවාද?
  • හැඳුනුම්පත (NIC / රියදුරු බලපත්‍රය / විදේශ ගමන් බලපත්‍රය)
  • පෞද්ගලික තොරතුරු සහ දුරකතන අංක
  • ඔබගේ Selfie ඡායාරූපයක්
  • ස්ථිර ලිපිනය සහ අවශ්‍ය නම් ඒ සඳහා ලිපිනය තහවුරු කරන ලියවිල්ලක් (උදා: විදුලි/ජල බිල්පතක්)
  • හදිසි අවස්ථාවක සම්බන්ධ කරගත හැකි ඥාතියෙකුගේ තොරතුරු
මාගේ පවුලේ සාමාජිකයෙකුට හෝ මිතුරෙකුට මෙම පහසුකම යොමු කළ හැකිද?
බැහැ. මෙම පහසුකම හිමි වන්නේ ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකයට පමණි.
මාගේ ණය කාලය හෝ යළි පියවීමේ සැලසුම කුමක්ද?
Genie යෙදවුම හරහා ඔබට ණය පියවීමේ කාලය දැකගත හැකිය.
මා විසින් මුදලක් කලින් ගෙවිය යුතුද?
ඔව්, ඔබ තෝරාගන්නා දුරකථනයට අදාළව, App එකේ සඳහන් වන මූලික ගෙවීම (down payment) අනිවාර්යයෙන්ම ගෙවිය යුතුය.
අඩු මූලික ගෙවීමක් සිදු කළ හැකිද?
නොහැකියි.
මගේ ණය මුදල වැඩි කළ හැකිද?
නැත, ණය මුදල ස්ථිරයි. නමුත් ඔබට අවශ්‍ය නම් අමතර මූලික ගෙවීමක් කර, දුරකථනය මිලදී ගත හැකිය.
මා හට ණය කොපමණ ප්‍රමාණයක් ලබාගත හැකිද?
වරකට ලබාගත හැක්කේ එක් ණය පහසුකමක් පමණි.
මාගේ වර්තමාන ණය මුදල පියවීමෙන් පසුව තවත් ණය මුදලක් ලබාගත හැකිද?
ඔබේ සුදුසුකම් රඳා පවතින්නේ ඔබේ ණය ශ්‍රේණිය මතය. සුදුසුකම් දැනගැනීමට කරුණාකර Genie යෙදවුමට පිවිසෙන්න.
මාගේ ණය ගිණුම් අංකය දැනගන්නේ කෙසේද?
උපාංගය මිලදී ගත් පසු Genie යෙදවුමට ඇතුළත් වී පරික්ෂා කළ හැකිය.
මා ගෙවීමක් සිදු කළ බව දැනගන්නේ කෙසේද? මා හට ගෙවීම් විස්තරයක් ලබාගත හැකිද?
Genie යෙදවුමට ලොග් වන්න - Lesi Pay මත ක්ලික් කරන්න - 'Payment History' මත ක්ලික් කරන්න
Lesi Pay පහසුකම සඳහා මා සුදුසුද යන්න දැන ගන්නේ කෙසේද?
  • ක්‍රමය 1 - ඔබට ස්මාර්ට් ජංගම දුරකථනයක් ඇත්නම්, Google Play Store හෝ Apple Store හරහා Genie යෙදවුම ඩවුන්ලෝඩ් කර, එහි ලබා දී ඇති උපදෙස් අනුගමනය කිරීමෙන්
  • ක්‍රමය 2 - ඔබට ඇත්තේ සාමාන්‍ය දුරකථනයක් නම්, #2020# අමතන්න. තාවකාලික විශේෂ දැනුම්දීමයි: #2020# ඇමතීමෙන් පාරිභෝගිකයාට තමන් ඊට සුදුසුදැයි පරික්ෂා කළ හැකි වුවත්, Genie යෙදවුම හරහා අයදුම් කිරීමට ස්මාර්ට් ජංගම දුරකථනයක් තිබීම අවශ්‍ය වේ. (සාමාන්‍ය දුරකථන හරහා අයදුම් කිරීමේ ක්‍රමවේදය හඳුන්වාදෙන තුරු තාවකාලික සීමා පවතී)
  • ක්‍රමය 3 - ඔබගේ වලංගු ජාතික හැඳුනුම්පත රැගෙන ළඟම පිහිටි ඩයලොග් මධ්‍යස්ථානයට පිවිසෙන්න. එහි සිටින උපාංග නියෝජිතයා ඔබ Lesi Pay පහසුකමට සුදුසුදැයි පරික්ෂා කරනු ඇත.
උපාංගයක් මිලදී ගැනීම සඳහා ණය පහසුකමකට අයදුම් කරන්නේ කෙසේද?
Genie ගිණුම ලියාපදිංචිකර Loans තෝරන්න
Device Loan තෝරන්න
කොන්දේසි අනුමත කරන්න
උපාංගය තෝරා කැමති ගෙවීම් සැලසුම තෝරන්න
උපාංගය ලබා ගැනීමට කැමති ආකාරය තෝරන්න
උපාංගය ලබා ගැනීමට හැකි ළඟම මධ්‍යස්ථානය තෝරන්න
ණය තහවුරුකර, නියමයන් සහ කොන්දේසිවලට එකඟ වන්න
ඩයලොග් ෆිනෑන්ස් ඉතුරුම් ගිණුමක් විවෘත කිරීම අනිවාර්ය වේ
ඔබට නිර්දේශ කළ තැනැත්තාගේ තොරතුරු ඇතුළත් කරන්න
ඩයලොග් ෆිනෑන්ස් ඉතුරුම් ගිණුම සමගින් ඉදිරියට යන්න
ජාතික හැඳුනුම්පත අප්ලෝඩ් කරන්න
ජාතික හැඳුනුම්පත අප්ලෝඩ් කරන්න
ජාතික හැඳුනුම්පත අප්ලෝඩ් කරන්න
සෙල්ෆි ඡායාරූපය අප්ලෝඩ් කරන්න
පුද්ගලික තොරතුරු ඇතුළත් කරන්න
පුද්ගලික තොරතුරු ඇතුළත් කරන්න
රැකියා විස්තර ඇතුළත් කරන්න
අනෙකුත් තොරතුරු ඇතුළත් කරන්න
ඥාතීන්ගේ තොරතුරු ඇතුළත් කරන්න
පුද්ගලික තොරතුරු ඇතුළත් කරන්න
අයදුම්පත අනුමත වෙමින් පවතී
ඩෙබිට් කාඩ්පත් ඉල්ලීම
ඩෙබිට් කාඩ්පත් තහවුරුව

අනුමැතිය විනාඩි 5 කින් (ඩයලොග් ෆිනෑන්ස් වෙතින් වීඩියෝ ඇමතුමක් පාරිභෝගිකයාට ලබා දෙනු ඇත. පාරිභෝගිකයා ස්මාර්ට් ජංගම දුරකථනයකින් ලින්ක් එක ක්ලික් කර තහවුරුකර ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කළ යුතුය.
මාගේ ස්මාර්ට් ජංගම දුරකථනයෙන් අයදුම්පත්‍රය යොමු කළ පසුව එහි තත්ත්වය පරික්ෂා කරන්නේ කෙසේද?
Genie යෙදවුමට ලොග් වී අයදුම්පත්‍රයේ තත්ත්වය පරික්ෂා කළ හැකිය.
Lesi Pay හිඟ මුදල සහ යළි පියවිය යුතු දිනය දැනගන්නේ කෙසේද?
genie යෙදවුමට ලොග් වන්න - Loan මත ක්ලික් කරන්න - Payment Outstanding වෙත පිවිසීමට Device Loan මත ක්ලික් කරන්න.
මාගේ ගනුදෙනු විස්තරවල මුද්‍රිත පිටපත් ලබාගත හැකිද?
Lesi Pay යනු මුළුමනින්ම ඩිජිටල් සේවාවකි. එබැවින්, මුද්‍රිත පිටපත් ලබාගත නොහැකිය. නමුත් ඔබට Genie යෙදවුම හරහා ඔබගේ ණය ගිණුම් විස්තරය දැකගත හැකිය.
මට අයදුම් කළ හැකි ණය ගණන කොපමණද?
එකවර ලබාගත හැක්කේ එක් Device loan එකක් පමණි.
මගේ අයදුම්පතේ තත්ත්වය දැනගන්නේ කෙසේද?
genie App එකට Log in වී, ඔබගේ අයදුම්පතේ තත්ත්වය පරීක්ෂා කළ හැකියි.
අත්පිට ලියකියවිලි ලබාගත හැකිද?
LesiPay යනු සම්පූර්ණයෙන්ම Digital සේවාවක් වන බැවින්, අත්පිට ලියකියවිලි ලබාදීම සිදුනොවේ. නමුත් ඔබට අවශ්‍ය නම් genie App එක හරහා ඔබේ ගනුදෙනු විස්තර බැලිය හැකිය.
නිවසටම ගෙන්වා ගැනීමේ සේවාව (Doorstep Delivery) LesiPay Doorstep Delivery යනු කුමක්ද?
ඔබ මිලදී ගන්නා දුරකථනය, ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක සිට, වැඩකරන දින 3ක් ඇතුළත ඔබේ නිවසටම ගෙන්වා ගැනීමේ සේවාවයි.
භාරදීමේ ගාස්තු අයකරනවාද?
රු. 500ක ස්ථාවර ගාස්තුවක් ඔබේ මූලික ගෙවීමට එකතු වේ.
භාරදීම සඳහා අමතර ලියකියවිලි අවශ්‍යද?
අවශ්‍ය නැත.
දුරකතනයට වගකීමක් (warranty) ලැබෙනවාද?
ඔව්, සියලුම දුරකථන සඳහා TRCSL අනුමත, වසරක වගකීමක් හිමිවේ.
මට ඇණවුම අවලංගු කිරීමට හෝ වෙනස් කිරීමට හැකිද?
genie App එක හරහා ඇණවුම තහවුරු කළ පසු එය වෙනස් කිරීමට හෝ අවලංගු කිරීමට නොහැකිය.
ඇණවුම පිළිබඳ ගැටලු ඇත්නම් කාටද දැනුම් දෙන්නේ?
ඔබට genie hotline එක අමතන්න: 076 076 0760.
‘LesiPay Device Upgrade Program’ මෙය කුමක්ද?
ඔබ LesiPay හරහා මාස 15ක් ඇතුළත මිලදී ගත් දුරකතනයක්, එහි වටිනාකම නව දුරකතනයක මිලට අඩුකර, පහසුවෙන් අලුත් දුරකතනයකට මාරු වීමට ඇති අවස්ථාවයි.
මගේ දුරකතනයේ වටිනාකම තීරණය කරන්නේ කෙසේද?
ඔබගේ දුරකතනයේ තත්ත්වය සහ වෙළෙඳපොළ ඉල්ලුම මත පදනම්ව වටිනාකම තීරණය කෙරේ.
Upgrade කිරීමට දුරකතනය තිබිය යුතු තත්ත්වය කුමක්ද?
දුරකතනය නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු අතර, දැඩි ලෙස හානි වී නොතිබිය යුතුය. TradeUpGo වෙබ් අඩවියේ සඳහන් කොන්දේසි සපුරාලිය යුතුය.
වැඩි විස්තර සඳහා කාටද සම්බන්ධ විය හැක්කේ?
ඔබට ළඟම ඇති Dialog අලෙවිසැලකට යාමට හෝ Dialog Finance පාරිභෝගික සේවාව අමතන්න.
LesiPay Device Protection Plan කියන්නේ මොකක්ද?
මේක LesiPay හරහා අලුත් phone එකක් ගන්න කෙනෙක්ට මාස 12ක් දක්වා ලැබෙන protection plan එකක්. මේ මඟින් Phone එකට හදිසියේ හානියක් වුණොත්, නැත්නම් වතුරට වැටුණොත්, එක් වරක් අලුත්වැඩියා කරගන්න පුළුවන්. හානිය වැඩිනම්, අලුත් device එකක් ලබාගන්නත් පුළුවන්.
මේක කොච්චර කල් වලංගු වනවාද?
Phone එක ගත්ත දවසේ සිට හරියටම මාස 12ක් දක්වා වලංගු වනවා.
මෙයට අයත් වෙන්නේ මොනවාද?
ඔබට මේ plan එක යටතේ සේවාව ලබාගන්න පුළුවන් එක වතාවක් විතරයි. ඒ මේ අවස්ථාවලට පමණයි.
  • හදිසියේ වන හානි (උදා: screen/ back glass හානි වීම)
  • වතුරෙන් වන හානි (අලුත්වැඩියා කරනවා, නැතිනම් අලුත් device එකක් දෙනවා)
මේ plan එක ලබාගන්න පුළුවන් කොහොමද?
LesiPay හරහා phone එකක් මිලදීගන්න. ප්‍රදර්ශනාගාරවලදි ඔවුන් ඔබේ phone එක රෙජිස්ටර් කරලා, QR කෝඩ් එකක් තිබෙන කාඩ්පතක් දෙනවා. පැය 48ක් ඇතුළත plan එක activate වෙනවා.
මගේ plan එක active වෙලාද කියලා බලන්නේ කොහොමද?
කාඩ්පතේ තිබෙන QR කෝඩ් එක ස්කෑන් කරන්න, නැත්නම් repair.protechdevices.com website එකට ගිහින් ඔයාගේ IMEI අංකය ඇතුළත් කරලා බලන්න පුළුවන්.
මේකෙ මිල දැනගන්නේ කොහොමද?
මිල ගණන් phone එකේ වර්ගය අනුව වෙනස් වෙනවා. Phone එක ගන්න වෙලාවේ ඉන්න salesperson ඒ ගැන ඔබව දැනුවත් කරයි.
මට මේ plan එක cancel කරන්න පුළුවන්ද?
ඔව්,
  • ඔබ තාම කිසිම සේවාවක් අරගෙන නොමැති නම්,
  • phone එක මුල් තත්ත්වයේම තිබෙනවා නම්,
  • අවලංගු කරන ඉල්ලීම නිවැරදිව ඉදිරිපත් කළොත්,
දවස් 14ක් ඇතුළත cancel කරන්න පුළුවන්.
අලුත්වැඩියාවකදී අමතර ගාස්තු ගෙවියයුතුද?
ඔව්. ඔබ Participation Fee එකක් ගෙවිය යුතුයි.
  • අලුත්වැඩියාවකට රු. 2,000යි.
  • අලුත් device එකක් ගන්න වුණොත් (වතුර හානිවලට), phone එකේ මිලෙන් 20% යි. මේ ගාස්තුව ගෙවන්න කැමති නැත්නම්, අලුත්වැඩියාවකින් තොරව phone එක ආපසු දෙනවා.
Phone එකට තවත් හානි වෙලා තිබුණොත්?
Phone එකේ body එක ඇදවෙලා වගේ වෙනත් හානිවෙලා තිබෙනවා නම්, ඒක මේ plan එකට අයිති වෙන්නේ නෑ. 'වෙනත් උපකරණ හානි' යටතේ ඒකට වෙනම ගෙවන්න වෙනවා.
හානියක් වුණාම claim කරගන්නේ කොහොමද?
ක්‍රම 2ක් තිබෙනවා:
  • තනිවම කරගන්න: repair.protechdevices.com වෙබ් අඩවියට ගිහින් හෝ QR කෝඩ් එක ස්කෑන් කරලා කරගන්න පුළුවන්.
  • Dialog සර්විස් සෙන්ටර් එකකට යන්න: මතක ඇතිව Phone එකයි, claim කාඩ් එකයි රැගෙන යන්න, ඔවුන් ඔබට ඒ සඳහා සහාය වේවි.
Claim කිරීමෙන් පසුව මොකද වෙන්නේ?
  • දවස් 1–2ක් ඇතුළත phone එක ගන්න එනවා.
  • එය check කරලා බලනවා.
  • Plan එක approve වෙනවාද නැද්ද යන්න email එකකින් දැනුම්දෙනවා.
  • Approve වෙලා, ගාස්තු ගෙවීමෙන් පස්සේ, වැඩ කරන දවස් 5ක් ඇතුළත අලුත්වැඩියාව හෝ අලුත් device එකක් ලබාදීම සිදුවෙනවා.
මේ plan එකෙන් ආවරණය නොවන දේවල් මොනවාද?
මේ දේවල් ආවරණය වන්නේ නැහැ:

Phone එකේ body එක ඇද වීම, නැතිවීම හෝ සොරකම් කිරීම, වයිරස්, software ප්‍රශ්න, පොඩි සීරීම්, කාලයත් එක්ක ගෙවී යන හානි, නිෂ්පාදනයේදී ඇතිවුණ අඩුපාඩු, යුද්ධ, ස්වභාවික විපත් නිසා වෙන හානි, පිහිනීම හෝ අවදානම් ලෙස වතුර පාවිච්චි කිරීම
සම්පූර්ණ කොන්දේසි ගැන දැනගන්න පුළුවන් කොහොමද?
www.protechdevices.com වෙබ් අඩවියට පිවිසෙන්න.