ඔබට හදිසි මුදල් අවශ්‍යතාවක්ද? අපගේ කඩිනම් සහ පහසු ක්ෂණික සේවාව, ක්ෂණිකව ඔබට මුදල් ලබා දීමට කටයුතු කරයි. ඔබගේ මුල්‍ය අවශ්‍යතාව කුමක් වුවත්, ඔබ කළ යුත්තේ Dialog Pay යෙදවුම ඩවුන්ලෝඩ් කර, ණය පහසුකම තෝරා, අයදුම් කිරීමට ඔබ සුදුසුකම් සපුරා තිබේදැයි පරික්ෂා කිරීම පමණි. යෙදවුම තුළ ඇති ණය කැල්කියුලේටරය මගින්, ඔබ අයදුම්කරන ණය මුදලේ ප්‍රමාණය මත පොළී අනුපාතය, මාසික වාරිකය සහ යළි පියවීමේ කාලය ආදී තොරතුරු ඔබට ලබා දෙයි.
මෙම ක්‍රියාවලිය මුළුමනින්ම ඩිජිටල්කරණයකර ඇති බැවින්, ශාඛාවකට පිවිසීමෙන් තොරව ඕනෑම මොහොතක, ඕනෑම තැනක සිට ඔබට ණයක් ලබා ගැනීමට අයදුම් කළ හැකිය. ඔබගේ ණය මුදල අනුමත වූ පසුව ඩයලොග් ෆිනෑන්ස් ඉතිරිකිරීමේ ගිණුමක් නොමිලේම හිමිවන බැවින්, දැනටමත් ගිණුමක් නොතිබීම ගැටළුවක් නොවේ. එම ගිණුම හරහා ඔබට ණය යළි පියවිය හැකි අතර, කලින් ණය පියවීම්වලදී අමතර ගාස්තුවක් ගෙවීමට අවශ්‍ය නොවීම අමතර වාසියකි.