නිෂ්පාදන ප්‍රකාශය

ඩයලොග් පීඑල්සී විසින් ඔබගේ ණය පහසුකම අනුමත කර ඇති බව ඔබ වෙත සතුටින් දන්වා සිටිමු.

ලබා දෙන ලද ණය ප්‍රමාණය:
කාලය:
ලබා දෙන ලද දිනය:
පොලී අනුපාතය:
දණ්ඩ පොලී අනුපාතය:
ආපසු ගෙවීමේ නියමයන්:

මාසික වාරිකය පටන් ගැනෙනුයේ

ඇපය
පුද්ගලික ඇපකරු සහ ඉතිරි කිරීමේ ගිණුම මත කැප අයිතිය. ණය ලබා දීමේ දිනට පෙර දින 07කට (හෝ ආයතනයේ තනි අභිමතය පරිදි තීරණය කරනු ලබන දින ගණනය) ඉතිරි කිරීමේ ගිණුම ආයතනය විසින් රඳවා තැබීම.
අය කර ගැනීමේ ක්‍රියාවලිය
I. පැහැර හැරීමේ අවස්ථාවක දී, ණයකරු වෙත දින 07ක දැන්වීම් දීමෙන් ආයතනය විසින් මෙම ගිවිසුම අවසන් කරනු ලැබේ.

II.. ගිවිසුමේ නියමයන් හා ප්‍රයෝගික ශ්‍රී ලංකා නීතිය අනුව අදාළ අය කර ගැනීමේ ක්‍රියාවලිය ආයතනය විසින් ගනු ලැබේ.
කලින් ගෙවා නිම කිරීම
I. කලින් ගෙවා නිම කිරීම යනු ආයතනයේ අභිමතාර්ථය පරිදි වනු ඇත.

II. 2024, සැත්තැම්බර 25 වන දින ක්‍රියාවේ යෙදෙන පරිදි, රු. 50 අවමයට හා රු. 1,000 ක උපරිමයට යටත්ව හිඟ ණය මුදලින් 1.5% ක කලින් ගෙවා නිම කිරීමේ ගාස්තුවක් අය කරනු ලැබේ.
ණය ගිවිසුම
(මින් මතු මෙහි භාවිත වන පරිදි අවශ්‍යවන තැන්හි ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී යන පාඨය ද ඇතුළත් වන පරිදි “ආයතනය” යැයි කියනු ලබන) ශ්‍රී ලංකාවේ (ආයතනය පීබී 765 පීකියූ) විධිමත් සංස්ථාපිත ආයතනයක් වන, එහි ලියාපදිංචි කළ කාර්යාලය කොළඹ 02. යූනියන් පෙදෙස, අංක 475 හි පිහිටි ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී සහ ණයකරු විසින් මෙහි පහතවිස්තර කරනු ලබන පුද්ගලික කාලීන ණය පහසුකම් හි නියමයන් හා කොන්දේසි මත ඔවුන් අතර ගිවිසගනු ලබන ණය ගිවිසුමයි.

මන්ද යත්, ආයනතය යනු අවසර ලත් මූල්‍ය ආයතනයක් වශයෙන් ව්‍යාපාරයේ යෙදී සිටින අතර, එහි සාමාන්‍ය ව්‍යාපාර කරගෙන යාමේදී එහි පාරිභෝගිකයන් වෙත මුදල් හා/හෝ මූල්‍ය පහසුකම් ලබා දෙනු ලැබේ. තවද, එකී පාරිභෝගිකයින් විසින් මුල්‍ය පහසුකමක් සඳහා ආයතනය වෙත අයදුම් කර ඇති අතර, මෙහි පහත සවිස්තරාත්මකව විස්තර කරනු ලබන නියමයන් හා/හෝ කොන්දේසි යටතේ එකී මුල්‍ය පහසුකම ලබා දීමට ආයතනය විසින් එකඟ වී ඇත.

ආයතනය සහ ණයකරු තනිතනිව ‘පාර්ශවය’ යනුවෙන් ද, සාමුහිකව “පාර්ශව” යනුවෙන් ද හඳුන්වනු ලැබේ
මුදල් ලබා දීම
I. මෙහි පහත උපලේඛනයේ විස්තර කරනු ලබන මූල්‍ය පහසුකම ආයතනය විසින් ණයකරු වෙත ලබා දෙමින්, ඔහු විසින් නියම කරනු ලබන ආයතනයෙහි පවත්වාගෙන යනු ලබන ඔහුගේ ඉතිරි කිරීමේ ගිණුමට හෝ එවන් වෙනත් ගිණුමකට නිකුත් කරනු ලැබේ.

II. මෙයට පටහැනිව මෙහි සඳහන් විධිවිධාන හෝ ලියවිලි නොතකා, ඡේදය 2හි (ගෙවීම්) සඳහන් වන අනෙකුත් ගාස්තු එක් ඉහත කී මුදල ආයතනය වෙත ගෙවිය යුතු යැයි ණයකරු විසින් මෙයින් ප්‍රකාශිතව එකඟ වන අතර, වාරික වශයෙන් ගෙවීම පිණිස ණයකරු වෙත ලබා දී තිබෙන සියලු විධිවිධාන හෝ වගකීම් හෝ අනුමැති, ආපසු ගෙවීම යනු මූලික වගකීමට යටත් විය යුතු යි.

III. ආධාරක වශයෙන් වෙනත් යම් ලේඛන හෝ කුවිතාන්සි නොමැතිව, යම් ලිඛිත ප්‍රකාශයෙහි උදෘත, පද්ධතියෙන් බිහි කළ හෝ වෙනත් ලේඛනවලින් පෙන්නුම් කරන ණයකරු විසින් ආයතනය වෙත ගෙවිය යුතු මුදල් ගැන ද, බලයලත් යම් නිලධාරි විසින් අත්සන් තබා සහතික කළ ආයතනයේ පොත්වලින් හෝ ලේඛනවලින් හෝ ආයතනයේ පද්ධතියකින් සැකසූම එය ගැන මෙහි යටතේ නීතියේ ප්‍රමාණවත් බව ද, ණයකරුට එරෙහිව තීරණාත්මක සාධක බව ද, එහි අන්තර්ගතය ගැන ද ණයකරු එකඟවේ.
ගෙවීම්
I. ආයතනය විසින් මෙම පහසුකම සැපයීම සම්බන්ධයෙන් ණයකරුගේ ණයට බැර කරන ලද ගාස්තු ණයකරු විසින් ගෙවිය යුතුවන අතර යම් ශාඛාවක හා/හෝ ආයතනය විසින් ලබා දී ඇති ගෙවිම් මාර්ගය ඔස්සේ කරන ලද ගෙවීම්, ආයතනයේ ප්‍රධාන ව්‍යාපාරික ස්ථානය වෙත ගෙවූ බව සැලකේ.

II. ගෙවිය යුතු මාසික වාරික ගෙවීම් ගෙවීමේදී සිදුවන ප්‍රමාද හා/හෝ පැහැර හැරීම්, මෙම ගිවිසුමේ පැහැර හැරීම් ගෙවීමේ නියමයන් හා කොන්දේසිවලට යටත් වේ.

III. පැහැර හැරීම් ගෙවීමේ නියමයන් අනුව මාසික වාරික ගෙවීම් ගෙවා නිම කිරීම ණයකරුගේ වගකීම වේ.
නියමයන් හා කොන්දේසි
පහත සඳහන් කොන්දේසි පිළිපැදීමට මෙයින් ණයකරු එකඟ වේ.

I. මෙම පහසුකම සම්පූර්ණයෙන්ම ගෙවා නිමකරන තෙක්, ණයකරු විසින් ආයතනයේ පවත්වාගෙන යනු ලබා ඉතිරි කිරීමේ ගිණුමෙහි පවතින මුදල් නවතා තැබීමේ අයිතිය ආයතනය විසින් රඳවා සිටින බව ණයකරු එකඟ වේ.

II. ආයතනය විසින් මෙම පහසුකම සැපයීම සම්බන්දව ණයකරුගේ ගිණුමට බැර කරනු ලබන පහත සඳහන් වන යම් ගාස්තු ණයකරු විසින් ගෙවිය යුතු වේ.
  • සාමාණ්‍ය හා දඩ පොලිය මත ගාස්තු.
  • අදාළ වන තැපැල් හා අනෙකුත් හැසිරවීමේ ගාස්තු.
  • අදාළ වන නිරීක්ෂණ, තක්සේරු සහ වෙතත් නොයෙක් ගාස්තු.
  • බදු නැතහොත් රජය විසින් හෝ අනෙකුත් සංස්ථාපිත ආයතන විසින් පමුණුවන ලද එවන් ගාස්තු.
  • නෛතික ගාස්තු.
  • ආයතනය වෙත ණයකරු විසින් ගෙවිය යුතු මුදල් අය කර ගැනීම පිණිස ආයතනය විසින් දරන්නට සිදු වූ වෙනත් සියලු වියදම්.
III. ගෙවිය යුතු මාසික වාරික ගෙවීම් ගෙවීමේ දී සිදුවන ප්‍රමාද හා/හෝ පැහැර හැරීම්, මෙම ගිවිසුමේ පැහැර හැරීම් ගෙවීමේ නියමයන් හා කොන්දේසිවලට යටත් වේ.

IV. පහත සඳහන් සිද්ධීන් සිදු වූ සැනින් ඒ බව ණයකරු විසින් ආයතනය වෙත දැන්විය යුතු අතර, ණයකරු විසින් ආයතනය වෙත ගෙවිය යුතු මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා නිම කරන මෙන් ආයතනය විසින් ඉල්ලන ලද අවස්ථාවෙහි දී, එය එසේ ගෙවිය යුතුයි.
  • ඔහුගේ/ඇයගේ මූල්‍ය තත්ත්වයේ යම් වැදගත් වෙනසක් බලාපොරොත්තු වූ විට හෝ සිදු වූ විට.
  • ඔහුගේ/ඇයගේ මූල්‍ය හැකියාව කෙරෙහි බලපෑම් ඇති කළ සුළු හා ණයකරු සම්බන්ධ විය හැකි යම් නඩු කටයුතු හි විස්තර.
  • ඔහුගේ/ඇයගේ රැකියාවේ අවසන් කිරීම් හෝ ඉල්ලා අස්වීම් හෝ එවන් සිදුවීම්.
V. පහත සඳහන් කරුණු සම්බන්ධව ණයකරු වෙත නොදන්වා ක්‍රියා කිරීම පිණිස ණයකරු විසින් ස්ථීරව බලය ලබා දෙයි
  • මෙම පහසුකමේ ගිණුම, ණයකරුගේ වෙනත් සියලු හෝ යම් ගිණුම් හෝ තැන්පතු සමඟ බද්ධ කිරීම.
  • ණයකරුගේ බැරට තිබෙන සියලු මුදල් මාරු කිරීමේ සහ කපා හැරීමේ සීමා රහිත අයිතිය එක්ව, එම අයිතිය හෝ බලය ක්‍රියාවේ යෙදීමේ දිනහි හෝ ඊට පෙර ණයකරු විසින් යම් නිලධාරි වෙත කළ ගෙවීම් ඉල්ලීම්, හෝ ආපසු ගැනීම හෝ එවන් වෙනත් ලේඛන අගරු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීම සහ ණයකරුගේ නමින් තිබෙන ගිණුම් අවසන් කිරීම පවා සිදු කිරීමේ අයිතිය සහ එවැනි අවස්ථාවන්හි ආයතනය වෙත ණයකරුගේ සියලු ඉල්ලීම් හෝ හිමිකම් ආදීන්ට එරෙහිව ආයතනය හානි පූර්ණ කිරීමට මෙයින් ණයකරු බාර ගනියි.
VI. ආයතනය විසින් මෙම පහසුකම ලබා දීමේ ප්‍රතිඵලයක් වශයෙන් ණයකරු විසින් ගෙවිය යුතු මුදල් පෙන්නුම් කරන යම් ප්‍රකාශ, ලියවිලි හෝ වෙනත් ලේඛන සහ කළමණාකරු හෝ ගණකාධිකාරි විසින් අත්සන් තබා සහතික කළ ආයතනයේ පොත් හෝ ලේඛන, ආධාරක වශයෙන් වෙනත් යම් ලේඛන හෝ කුවිතාන්සි ඉදිරිපත් නොකර, ණයකරු විසින් ආයතනය වෙත ගෙවිය යුතු මුදල් ගැන තීරණාත්මක සාධක වන්නේය.

VII. මෙම පහසුකමට අදාළව ණයකරුගෙන් ආයතනය වෙත ලැබිය යුතු මුදල් සහ එහි මත පොලී, කාලාවරෝද ආඥා පනත (පරිච්ඡේදය 68) නොසලකා හරිමින් ණයකරුගෙන් අය කර ගත යුතු අතර, එම මුදල් අය කර ගැනීම පිණිස ආයතනය විසින් නඩු පැවරීමට බාධාවක් ලෙස ණයකරු විසින් කාලාවරෝද ආඥා පනත (පරිච්ඡේද 68) නැංවිය යුතු නොවේ.

VIII.ණයකරු හෝ ඔහුගේ නියෝජිතයින්, සේවකයන් හෝ නිළධාරින් විසින් ලිඛිතව හෝ වෙනත් ආකාරයකින් ණයකරු වෙනුවෙන් හෝ ණයකරු වෙනුවෙන් යැයි ආයතනය වෙත කරන ලද නියෝජනය සහ ප්‍රකාශ සත්‍ය හා නිවැරදි බව සැලකෙන අතර, එය මත ආයතනය විසින් ක්‍රියා කිරිමට අදහස් කෙරෙන අතර, එකී මුදල් අය කර ගැනීමෙන් ඇතිවන කොන්ත්‍රාත්තුවෙහි මුල් විය යුතු යි.

IX. ණයකරු විසින් පැහැර හරින අවස්ථාවේදී හිඟ මුදල් අය කර ගැනීම පිණිස ආයතනය විසින් තුන්වන පාර්ශවයක් පත් කළ හැකිවන අතර, ඒ සඳහා වන වියදම් සියල්ල ගෙවීමට ණයකරු විසින් එකඟ වේ.

X. මෙම ගිවිසුම යටතේ අදාළ වන පොලී අනුපාත, සේවා ගාස්තු සහ අනෙකුත් ගාස්තු එහි එකීය අභිමතය පරිදි ආයතනය විසින් කලින් කල වෙනස් කළ හැකි බව ණයකරු විසින් එකඟ වේ. කෙසේ වෙතත්, එවන් වෙනස කිරීමට පෙරාතුව ආයතනය විසින් ණයකරු වෙත දින හත (7)ක දැන්වීම් කළ යුතු යි.

XI. ණයකරු විසින් ආයතනය වෙත ගෙවිය යුතු මුදල් සම්බන්ධව මෙම ගිවිසුම බැලූ බැල්මට සාක්ෂි විය යුතු යි.

XII. කලින් ගෙවා නිම කිරීමේ අවස්ථාවක දී, වට්ටම් ලබා ගැනීමට ණයකරුට හිමිකම් නැත.

XIII. ආයතනයේ සේවාවලින් ණයකරු වෙත ලබා දෙන ලද හා/හෝ ඔහු විසින් භාවිත කරන ලද හා/හෝ වෙනත් යම් පහසුකම්හි ප්‍රතිඵලයක් වශයෙන් ඇති වන (ස්ථීර තැන්පතු ඇතුළුව) ණයකරු විසින් දරන/ඔහුගේ යම් ගිණුම්වල පවතින ශේෂ සහ ආයතනය/එහි බාරකරුවන් හෝ නියෝජිතවරුන් විසින් දරන/එහි පාලනයේ පවතින (ණයකරු විසින් ඕනෑම තරාතිරමින් ගිවිස ගත්/ගිවිස ගැනීමටඅපේක්ෂිත කොන්ත්‍රාත්තු/ ඇපකරය මත හට ගන්නා) මුදල්, ඇපකර, බැදුම්කර සහ ඔනෑම මාදිලියේ හා වර්ගයේ වෙනත් සියලු වත්කම්, ලේඛන, ඔප්පු සහ දේපල කපා හැරීමට ආයතනය අයිතිය ලද්දේ ය. තවද, ඉහත කී වත්කම්හි ආයතනය විසින් අයිතිය ද ලද්දේ ය.

ඉහත කී අයිතීන්වලට සහ නීතිය ක්‍රියාත්මක කිරීම හා කොන්ත්‍රාත් හෝ වෙනත් ආකාරයකින් ඕනෑම අවස්ථාවක ආයතනය විසින් දැරිය හැකි වෙනත් අයිතීන්වලට අමතරව ණයකරු විසින් ආයතනය වෙත පහත සඳහන් වන බලය පවරයි.
  • ණයකරුගේ යම් ගිණුම් සහ බැරකම් ඕනෑම වේලාවක ආයතනයේ යම් ශාඛාවට හෝ සමඟ එකතු කිරීම හෝ ඒකාබද්ධ කිරීම.
  • ආයතනය විසින් දරන ණයකරුගේ ඇපකර හෝ දේපල අධිකරණ කටයුතු මෙහෙය වීමට අවශ්‍ය නොමැතිව ප්‍රසිද්ධ හෝ පුද්ගලික විකිණීම් හෝ බැහැර කිරීම් මගින් හෝ වෙනත් ඔනෑම ආකාරයකින් විකිණීමට හෝ පැවරීමට සහ එයින් ලැබෙන ආදායම් රඳවා තැබීමට/එවන් විකිණීම / බැහැර කිරීම / පැවරීම සඳහා වන වියදම් ඇතුළු ණයකරුගෙන් ආයතනයට ගෙවිය යුතු හිඟ මුදල් පියවීම.
XIV. පහසුකම සම්පූර්ණයෙන්ම ගෙවා නිමා කරන තෙක් ලියාපදිංචි කරන ලද ජංගම දුරකථනයේ අංකය හා/හෝ පුද්කලික විස්තර ණයකරු විසින් වෙනස් කළ හා/හෝ පැවරිය නොයුතු යි. XV. පහසුකම මත නොගෙවූ හිඟ පවතින කල්හි ආයතනය පහත සඳහන් වන අයිතිය ලද්දේ ය.
  • හිඟ ගෙවීම් සම්පූර්ණයෙන්ම ගෙවන තෙක්, ණයකරු වෙත ගෙවිය යුතු වට්ටම්, ගාස්තු හෝ එවන් ගෙවීම් රඳවා තබන මෙන් ඩයලොග් ආසියාටා පීඑල්සී වෙත නියෝග කිරීම හා/හෝ
  • ණයකරු වෙත කිසිඳු දැන්වීමකින් තොරව ඔහුගේ eZ කෑෂ් පසුම්බියෙහි තිබෙන ඕනෑම මුදලින් හිඟ මුදල් අඩු කර ආයතනය වෙත ගෙවන මෙන් ඩයලොග් ආසියාටා පීඑල්සී වෙත නියෝග කිරීම
  • .
XVI. පාරිභෝගිකයා වෙත ඒකාබද්ධ සේවාවක් පිරිනැමීම උදෙසා හා/හෝ යම් හිඟය අය කර ගැනීම සඳහා හා/හෝ යම් අපරාධ විමර්ශනය සම්බන්ධව එහි දත්ත සමුදායගත/නිශ්චිත තොරතුරු එහි අනුබද්ධිත හා/හෝ හිමිකාරි සමාගමක් හා/හෝ ඕනෑම රජයේ අධිකාරිය සමඟ ආයතනය විසින් සමඟ හුවමාරු කිරීමේ අයිතිය එය ලද්දේය.

XVII. 2016, අංක 8 දරන සංශෝධන පනත මඟින් සංශෝධිත 1968, අංක 32 දරණ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනතේ 39ආ(ඇ) වගන්තිය යටතේ ‍පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නියමිත ආයතනයක් වශයෙන් මෙකී ආයතනය පිළිගෙන ඇති බව ණයකරු අවබෝද කර සිටියි. ණයකරු විසින් සපයන ලද පහත සඳහන් වන ඔහුගේ තොරතුරුවල හි සත්‍යභාවය ඇගයීම් පිණිස එම දෙපාර්තමෙන්තුවේ පවත්වාගෙන යනු ලබන ණයකරුගේ ජාතික හැඳුනුම්පතෙහි විස්තර කෙරෙහි පිවිසීමට ණයකරු මෙයින් එකඟවේ.

  • නම
  • ලිපිනය
  • උපන් දිනය
  • උපන් ස්ථානය
  • ලිංගිකත්වය
  • නිකුත් කළ දිනය
  • ඡායාරූපය
  • හැඳුනුම්පතෙහි ඉදිරි පස සහ පිටු පස ස්කෑන් කළ පිටපත
  • හැඳුනුම්පතෙහි පෙනෙන තොරතුරු අඩංගු කේතාංකයේ ස්කෑන් කළ පිටපත
  • සටහනේ ස්වභාව (සක්‍රිය/අක්‍රිය/අවලංගු කළ/වලංගු)
පහසුකම සඳහා ඇප
I. මෙම ගිවිසුමේ ණය අයදුම්පතහි විස්තර කරන ලද සහ පිරිනැමීමේ ලිපිය මඟින් ආයතනය විසින් තහවුරු කරන ලද පරිදි එකී පහසුකම සඳහා වූ ඇපය පුද්ගලික ඇපකරුවෙකු වේ.

II. පහසුකම යටතේ මුදල් ලබා දීමට පෙර, පහසුකම, ඒ මත සියලු පොලී සහ ණයකරු විසින් ගෙවිය යුතු වෙනත් මුදල් විධිමත්ව ආපසු ගෙවීම්/ගෙවීම් සඳහා ප්‍රත්‍යාදේශ කළ නොහැකි හා කොන්දේසි රහිත ඇපයක් ණයකරු විසින් “ඇපකරුගෙන්” ලබා, ආයතනය විසින් නියමිත (ඇපය සහ හානිපූර්ණ) ආකෘතිය මඟින් ආයතනය වෙත ඉදිරිපත් කළ යුතු යි. ඇපය සඳහා කිසිඳු වට්ටමක් ණයකරු විසින් ගෙවිය නොයුතුයි. එකී ඇපය සහ හානිපූර්ණය මෙම ගිවිසුම පවතින තාක් අදාළ වනු ඇත.
වැදගත් උල්ලංඝණය
පහත සඳහන් වන අවස්ථාවන්හි මෙම ගිවිසුම උල්ලංඝණය වූ බව සැලකේ. වැදගත් උල්ලංඝණයක් සිදුවී ඒ ගැන ආයතනය විසින් ණයකරු වෙත දන්වන ලදුව, එය දින 07 ක් තුල නිරාකරණ නොකළ අවස්ථාවක දී, ආයතනයේ අභිමතය පරිදි එම ගිවිසුම අවසන් කළ හැකිය. එවන් අවසන් කිරීමට පෙර මෙම ගිවිසුම යටතේ හිමිවූ අයිතීන් සහ වගකීම් කෙරෙහි එම අවසන් කිරීම් අගතියක් පමුණුවන්නේ නැත. II. ණයකරු විසින් ගෙවිය යුතු මුදල් අය කර ගැනීමට අදාළව පවතින නීතිය යටතේ ඕනෑම පිළියමක් ක්‍රියාත්මක කිරීමට අගතියක් නොවන සේ පහත සඳහන් වන අයිතිය ආයතනය ලද්දේ ය. I. ණයකරු විසින් නියමිත දිනයේ මුදල් ගෙවීමට අපොහොසත් වීම සහ ඉල්ලූ විට පොලිය සමඟ සම්පූර්ණ මුදල ගෙවීමට අපොහොසත් වීම.

II. මෙම ගිවිසුමේ නියමයන් හා කොන්දේසි පිළිපැදීමට ණයකරු විසින් අපොහොසත් වීම හා/හෝ පැහැර හැරීම.
උල්ලංඝණය කිරීමේ / පැහැර හැරීමේ ප්‍රතිවිපාක
I. වැදගත් උල්ලංඝණයක් සිදුවී ඒ ගැන ආයතනය විසින් ණයකරු වෙත දන්වන ලදුව, එය දින 07 ක් තුල නිරාකරණ නොකළ අවස්ථාවක දී, ආයතනයේ අභිමතය පරිදි එම ගිවිසුම අවසන් කළ හැකිය. එවන් අවසන් කිරීමට පෙර මෙම ගිවිසුම යටතේ හිමිවූ අයිතීන් සහ වගකීම් කෙරෙහි එම අවසන් කිරීම් අගතියක් පමුණුවන්නේ නැත.

II. ණයකරු විසින් ගෙවිය යුතු මුදල් අය කර ගැනීමට අදාළව පවතින නීතිය යටතේ ඕනෑම පිළියමක් ක්‍රියාත්මක කිරීමට අගතියක් නොවන සේ පහත සඳහන් වන අයිතිය ආයතනය ලද්දේ ය.
  • අ. දැනට පවතින ණය පහසුකමක් ලද ණයකරුගේ (ආයතනය විසින් පිරිනමන ලද පහසුකම් උඩුගත කිරීමේ පහසුකම යටතේ ලබා ගන්නා ලද) පහසුකම තහනම් කිරීම.
  • ආ. ණය පහසුකම සම්පූර්ණයෙන්ම ගෙවා නිම කරන තුරු ලියාපදිංචි කරන ලද ජංගම දුරකථ අංකය පැවරීම තහනම් කරන මෙන් ඩයලොග් සමූහය වෙත නියෝග කිරීම.
  • ඇ. ණයකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ ලියාපදිංචි කළ ජාල සම්බන්ධතාව විසන්ධි කිරීම සඳහා ඩයලොග් සමූහය වෙත නියෝග කිරීම.
  • ඈ. ණයකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ ලියාපදිංචි කළ (රූපවාහිනිය සහ පුළුල් පරාස සම්බන්ධතාව වැනි) විසන්ධි කිරීම සඳහා ඩයලොග් සමූහය වෙත නියෝග කිරීම.
  • ඉ. අලුත් නිෂ්පාදන හෝ සේවාවන් ලබා ගැනීම සඳහා ණයකරු පෙනී සිටීම තහනම් කරන මෙන් ඩයලොග් සමූහය වෙත නියෝග කිරීම.
III. මෙහි ඡේද 7.1 සහ 7.2 යටතේ වන එවන් අවසන් කිරීම අනුව, මෙම ගිවිසුම යටතේ වෙනත් අයකිරීම්, ගාස්තු සහ හිඟ සමඟ ණය පහසුකම අය කර ගැනීමේ වියදම් ඇතුළුව ණයකරුගේ මුළු ණය මුදල හිඟ තත්ත්වයට පත්වන අතර, එය ආයතනයේ ඉල්ලීම මත ණයකරු විසින් වහා ගෙවිය යුතු වේ.

IV. ලබා ගන්නා ලද පහසුකමේ භුක්තිය ආයතනය විසින් ආපසු ලබා ගැනීමේ අවස්ථාවේ දී, කිසිඳු අමතර ඉල්ලීම් හෝ දැන්වීම් නොකර එම පහසුකම විකිණීම සඳහත් එහි ආදායම නොගෙවූ හිඟ අය කර ගැනීම සඳහත් භාවිත කිරීමේ අයිතිය ආයතනය විසින් දැරිය යුතු යි.

V. ඡේද 5හි (වැදගත් උල්ලංඝණය) විස්තර කරන ලද පරිදි වැදගත් උල්ලංඝණයක් නොවන අවස්ථාවක දී, මෙම ගිවිසුම ඕනෑම අවස්ථාවක ආයතනය විසින් අවසන් කළ හැක. එවන් උල්ලංඝණය කිරීමේ අවස්ථාවේ දී ණයකරු වෙත දන්වන ලදුව, එය දින 07 කින් පසුවත් නිරාකරණ නොකර පැවතිය යුතු යි.

VI. නියමයන් හා කොන්දේසි (ඡේද 3), ගෙවීම් (ඡේද 2) සහ අනන්‍ය අධිකරණ සීමාව (ඡේද 9) ආදී මෙම ගිවිසුම අවසන් කිරීමෙන් පසුවත් වලංගු වනු ඇත.
අත්හැරීම සහ විචලනය
මෙහි එක් පාර්ශවයක් විසින් මෙහි පහත විස්තර කරනු ලබන යම් අයිති, බලය හෝ වරප්‍රසාද හෝ පිළියම් බලාත්මක කිරීම, ක්‍රියාත්මක කිරීම හෝ පිළිපැදීමෙහි ප්‍රමාද, අපොහොසත් හෝ අත්හැරීම් සිදු කළ විට හෝ යම් පාර්ශවයක් විසින් මෙහි යටතේ වන එහි වගකීම් උල්ලංඝණය කිරීම එවැනි අයිති, බලය හෝ වරප්‍රසාද හෝ පිළියම් අත්හැරීම වශයෙන් සැලකිය නොයුතු අතර, එවන් වෙනත් අයිති, බලය හෝ වරප්‍රසාද හෝ පිලියම් ඕනෑම වේලාවක බලාත්මක කිරීම, ක්‍රියාත්මක කිරීම හෝ පිළිපැදීමට බාධා පමුණුවන අයුරින් ක්‍රියා නොකළ යුතු යි.
වෙන්කිරීමේ හැකියාව සහ නීති විරෝධී බව
මෙම ගිවිසුමේ යම් නියමයන් හෝ වගන්ති ඕනෑම නීති සම්පාදන හෝ නීතියේ ආධිපත්‍ය යටතේ මුළුමනින් හෝ කොටසක් නීති විරෝධී හෝ බලාත්මක කළ නොහැකි බව අදහස් කළ හොත්, එවන් නියමයන් හෝ වගන්ති හෝ එහි කොටස එම ප්‍රමාණය තුල මෙම ගිවිසුමේ කොටසක් නොවන බව සැලකිය යුතු අතර, මෙම ගිවිසුමේ ඉතිරිය බලාත්මක කිරීමෙහි බලපාලිය නොහැක.
අනන්‍ය අධිකරණ සීමාව
මෙම ගිවිසුම සහ එහි යටතේ ලබා දී ඇති ඇපකරය සියලු අංගයෙි ශ්‍රී ලංකා නීතිය අනුව පාලනය හා අර්ථකතනය කළ යුතු අතර, එහි අධිකරණ බල ප්‍රදේශය කොළඹ වේ.
නොතීසි
මෙම ගිවිසුම යටතේ වන ඉල්ලීම් සියල්ල, කාලීනව ආයතනයේ නීතිඥ හෝ නීතිඥවරු ලෙස ක්‍රියා කරන බලයලත් නිලධාරි හෝ ආයතනයක් මඟින් ආයතනය විසින් ණයකරුගේ ලිපිනය දරන ලිපියක් මෙහි මින් පෙර සඳහන් ලිපිනයට තැපැල් මඟින් හෝ භාර දීමෙන් සිදු කළ හැකි අතර, එසේ දෙන ලද ඉල්ලීම් නොතීසි එසේ භාර දෙන ලද දිනයේ හෝ ඉන් පසු දිනයේ ලබා ගත් බව සැලකේ.

සියලු සිහි කැඳවීම් සහ නොතීසි කෙටි පණිවිඩ (SMS), විද්‍යුත් තැපෑල හෝ පිළිගත හැකි වෙනත් සන්නිවේදන මාර්ගය ඔස්සේ ණයකරු විසින් කලින් කල ලබා දෙන ලද ලියාපදිංචි කළ ජංගම දුරකථනය හෝ විද්‍යුත් තැපෑල මඟින් යැවිය යුතු වන අතර, එම සියල්ල නීතියෙන් බැඳී සිහි කැඳවීම් ලෙස සැලකේ.

ගෙවීම්/අලාභ/නීතිගත ගෙවීම්/සේවා ගාස්තු හෝ වශයෙන් සැලකෙන සියලු ගෙවීම් / පිළිගැනීම් කුවිතාන්සි ගත කළ යුතුයි.
විවිධ
මෙම ගිවිසුමේ නියමයන් හා කොන්දේසි කලින් කල සංශෝධනය කිරීමේ හෝ වෙනස් කිරීමේ අයිතිය සමාගම විසින් රඳවා තබා ගන්නා අතර, එසේ වෙනස් කිරීම් ක්‍රියාත්මක කරවීමට පෙර ණයකරු වෙත දන්වනු ලැබේ.

මෙම ගිවිසුම යටතේ වන එහි අයිතීන් හා වගකීම් ආයතනය විසින් පැවරීම හෝ අන්සතු කළ හැකි අතර, එම පැවරීම හෝ අන්සතු කිරීම ණයකරු වෙත දැනුම් දීමෙන් ක්‍රියාත්මක වනු ඇත.

මෙම නියමයන් හා කොන්දේසි සහ එහි සිංහල හා දෙමළ පරිවර්තනය අතර විය හැකි යම් පරස්පරතා පැවතිය කල්හි එහි ඉංග්‍රීසි නියමයන් හා කොන්දේසි බල පවති යි.
නිර්වචන
ණයකරු - යනු ඔහුගේ ඉල්ලීම මත ආයතනය විසින් කාලීන ණය ලබා දීමෙන්, 2006, අංක 19 දරන විද්‍යුත් ගනුදෙනු පනත අනුව ඔහුගේ/ඇයගේ අත්සන යෙදීමෙන් මෙම නියමයන් හා කොන්දේසිවලට එකඟ වූ පුද්ගලයකු.

පහසුකම - යනු මෙම කාලීන ණය ක්‍රමය යටතේ ණයකරු වෙත ලබා දෙන ලද මෙහි උපලේඛනයේ විස්තර කරනු ලැබූ ණය පහසුකම.

ගිවිසුම - යනු මෙම ගිවිසුම යි.

ණය අයදුම - යනු ණයකරුගේ විස්තර සහ ණයකරු විසින් ඉල්ලන ලද පහසුකමේ විස්තර අඩංගු ණයකරු විසින් විධිමත්ව සම්පූර්ණ කරන ලද හා ලිඛිතව හෝ විද්‍යුත් මාර්ග ඔස්සේ ආයතනය වෙත ඉදිරිපත් කළ ණය අයදුම.