Menu
Home
Promotions
Products
Frequently Asked Questions
Services
Why Dialog Pay
Contact Us
Home
Promotions
Products
Frequently Asked Questions
Services
Why Dialog Pay
Contact Us
SN
En
En
SN
EN
TA
Promotions
Dialog Pay තෑගි සතිය
නියමයන් සහ කොන්දේසි
“Dialog Pay තෑගි සතිය” ප්‍රවර්ධන වැඩසටහන Dialog Finance PLC විසින් සංවිධානය කරනු ලබයි.
මෙම ප්‍රවර්ධන කාලසීමාව 2026 ජූනි 25 සිට 2026 ජූනි 30 දක්වා (එම දින දෙකම ඇතුළත්ව) වලංගු වේ. මෙම කාලසීමාවෙන් පිටත සිදුකරනු ලබන ගනුදෙනු ප්‍රවර්ධන වැඩසටහන සඳහා සුදුසුකම් නොලබයි.
මෙම දීමනාව වලංගු වන්නේ Dialog Pay ඉතිරිකිරීමේ ගිණුම භාවිත කරන Dialog Finance PLC ඉතිරිකිරීමේ ගිණුම් හිමියන් සඳහා පමණි.
මේ සඳහා සුදුසුකම් ලැබීමට පාරිභෝගිකයන් ප්‍රවර්ධන කාලසීමාව තුළ Dialog Pay හරහා ජල සහ විදුලි බිල්පත් 2ක් සහ මුදල් හුවමාරු 2 ක් කළ යුතු අතර එම ගනුදෙනු වල මුළු වටිනාකම රු. 4,000ක් හෝ ඊට වැඩි විය යුතුය.
සුදුසුකම් ලබන ගනුදෙනු වර්ග පහත පරිදි වේ:
DF Savings භාවිතයෙන් බිල්පත් ගෙවීම්
CEFT මාරු කිරීම් (Out)
සුදුසුකම් ලත් පාරිභෝගිකයන්ට රු. 2,500ක් බැගින් වටිනා Glomark E-Vouchers දිනා ගැනීමේ අවස්ථාව හිමිවේ. ජයග්‍රාහකයින් 20 දෙනෙකු තෝරාගනු ලබන අතර, ප්‍රවර්ධන වැඩසටහන අවසන් වූ දින සිට සතියක් ඇතුළත ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.
ප්‍රවර්ධන කාලසීමාව තුළ එක් පාරිභෝගිකයෙකුට/ජයග්‍රාහකයෙකුට හිමිවන්නේ එක් (1) E-Voucherක් පමණි.
Dialog Finance PLCහි සේවකයින්, ආධුනිකයින් සහ කොන්ත්‍රාත් සේවකයින් මෙම ප්‍රවර්ධන වැඩසටහන සඳහා සුදුසුකම් නොලබයි.
ජයග්‍රාහකයන් තෝරාගැනීම Dialog Finance PLCහි පූර්ණ අභිමතය පරිදි සිදු කෙරෙන අතර එය අවසාන හා නිශ්චිත තීරණය වේ.
මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ නිකුත් කරනු ලබන Glomark E-Vouchers 2026 දෙසැම්බර් 31 දිනෙන් කල් ඉකුත් වේ. කල් ඉකුත් වූ Vouchers සඳහා කාලය දීර්ඝ කිරීම, ප්‍රතිස්ථාපනය කිරීම හෝ ඒ වෙනුවට මුදල් ලබාදීම සිදු නොකෙරේ.
E-Vouchers වෙනත් අයෙකුට පැවරිය නොහැකි අතර ඒවා මුදල් හෝ වෙනත් ප්‍රතිලාභ සඳහා හුවමාරු කර ගත නොහැක.
ගනුදෙනුවල සුදුසුකම් පරීක්ෂා කිරීමේ මෙන්ම ප්‍රවර්ධන වැඩසටහන අවභාවිත කරන හෝ වංචනික ක්‍රියාවල නිරත වන ඕනෑම අයෙකු වැඩසටහනෙන් ඉවත් කිරීමේ පූර්ණ අයිතිය Dialog Finance PLC සතුය.
පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම අවස්ථාවක මෙම ප්‍රවර්ධන වැඩසටහන හෝ මෙහි නියමයන් සහ කොන්දේසි සංශෝධනය කිරීමේ, අත්හිටුවීමේ හෝ අවලංගු කිරීමේ පූර්ණ අයිතිය Dialog Finance PLC සතුය.
මෙම ප්‍රවර්ධනයට සහභාගී වීමෙන් පාරිභෝගිකයන් මෙම නියමයන් සහ කොන්දේසි වලට එකඟ වන බව පිළිගැනේ.