අපගේ සේවාවන් Savings Pockets

Savings Pockets කියන්නේ ඔබේ මුදල් කළමනාකරණය කරගැනීමට සහ මූල්‍ය විනයක් ඇති කරගැනීමට උදව් වන ඉතා සරල ක්‍රමයක්. මෙමගින් ඔබට පුළුවන් ඔබේ ආදායම, විවිධ අවශ්‍යතා සඳහා වෙන් වෙන්ව pockets වලට දමා පහසුවෙන් ඉතුරු කරන්න.

ඔබට මෙවැනි ‘pockets’7ක් දක්වා සෑදිය හැකියි. නිවසේ කුලිය, වාහනේ නඩත්තුව, අධ්‍යාපන ගාස්තු, නිවාඩුවක් ගත කිරීමට, හදිසි වෛද්‍ය අවශ්‍යතා හෝ වෙනත් ඕනෑම විශේෂ අරමුණක් වෙනුවෙන් වෙනම pocket එකක් වෙන් කරන්න.

මූල්‍ය විනය කියන්නේ එක තැනක නතර වන දෙයක් නොවෙයි, එය දිගුකාලීන ගමනක්. මෙම ක්‍රමය හරහා ඔබේ මුදල් පාලනය විධිමත්ව කරගැනීමේ හැකියාව ඔබට ලැබේවි.

සුවිශේෂී වාසි
Pockets 7ක් දක්වා සෑදීමේ හැකියාව.
Pockets වලට ඔබට කැමති නමක් යෙදීමේ හැකියාව.
ඔබේ ගනුදෙනු නිරීක්ෂණය කිරීමේ හැකියාව.
ඔබේ අරමුණ වෙනුවෙන් මුදල් භාවිත කිරීමේ හැකියාව.
මුදල් එකතු කිරීම
ඔබේ Savings Pockets වලට මුදල් එකතු කළ හැක්කේ ඔබේ Dialog Pay Digital Savings ගිණුමෙන් පමණි.
මුදල් භාවිත කිරීම
ඔබට යම් අවශ්‍යතාවයකට මුදල් අවශ්‍ය වූ විට, අදාළ Savings Pocket එකේ ඇති මුදල නැවත ඔබේ Dialog Pay Digital Savings ගිණුමට මාරු කර, ඉන්පසු එම ගිණුම හරහා වියදම් කළ හැකියි.
සීමා කිරීම්
ඔබගේ ඉතුරුම් අරමුණ වෙනුවෙන්ම සුරක්ෂිතව තැබීම සඳහා, Savings Pockets වලින් කෙළින්ම වෙනත් බැංකු ගිණුම්වලට මුදල් මාරු කිරීමට, QR ගෙවීම් කිරීමට, Dialog Pay ඩෙබිට් කාඩ්පත භාවිත කිරීමට හෝ ATM වලින් මුදල් ලබාගැනීමට හැකියාවක් නැත.
නිතර අසන ප්‍රශ්න (FAQs)
Savings Pockets කියන්නේ මොකක්ද?
මේක ඔයාගේ මාසික මූල්‍ය අවශ්‍යතා හඳුනාගෙන, ඒවට කලින්ම සූදානම් වෙන්න උදව් කරන ක්‍රමයක්. මේ නිසා හදිසි මූල්‍ය ගැටලු ඇතිවීමේ ඉඩකඩ අඩු වෙනවා. ඔබට මෙවැනි පොකට් 7ක් දක්වා හදාගන්න පුළුවන්.
Savings Pocket එකේ තියෙන මුදල්වලට පොලියක් ලැබෙනවද?
ඔව්. ඔබේ Dialog Pay Digital Savings ගිණුමට ලැබෙන පොලී අනුපාතයම ඔබේ Savings Pockets වල ඇති මුදලටත් ලැබෙනවා.
Savings Pocket එකක් හදාගන්නේ කොහොමද?
Dialog Pay App එකේ Savings -> Pockets -> Get Started වෙත ගොස්, කොන්දේසිවලට එකඟ වී, ඔබේ පොකට් එකට නමක් සහ මුදල් ප්‍රමාණයක් ඇතුළත් කර තහවුරු කරන්න (Submit).
Savings Pocket එකක් වහලා දාන්න පුලුවන්ද?
ඔව්, Dialog Pay App එකේ "Manage Pocket" විකල්පය හරහා ඕනෑම වෙලාවක ඔබට එය කළ හැකියි.
ව්‍යාපාරික ස්ථානවලට ගෙවීම්, බිල්පත් ගෙවීම් වගේ දේවල් කරන්න පුලුවන්ද?
නැහැ. ඔබට මුදල් ලබාගන්න පුළුවන් වෙන්නේ ඔබේ Dialog Pay Digital Savings ගිණුමට පමණයි.
ගාස්තු හෝ බදු අය වෙනවද?
මෙම සේවාව සඳහා කිසිදු ගාස්තුවක් නැහැ. නමුත්, පොලිය මත ලැබෙන ආදායමට අදාළ බදු (Advance Personal Income Tax) අය කෙරේ.
Pocket එකක් හැදුවට පස්සේ නම වෙනස් කරන්න පුලුවන්ද?
නැහැ. නම වෙනස් කිරීමට අවශ්‍ය නම්, දැනට පවතින Pocket එක වසා දමා අලුතෙන් එකක් සෑදිය යුතුයි.
උපරිම වශයෙන් Savings Pockets කීයක් හදන්න පුලුවන්ද?
දැනට, Pocket 7ක් දක්වා සෑදිය හැකියි.
දවසකට Savings Pockets කීයක් වහලා දාන්න පුලුවන්ද?
දැනට, දිනකට Pocket 5ක් දක්වා වසා දැමිය හැකියි.
Pocket එකකට මුදල් එකතු කිරීමේදී (Add Money) අවම හෝ උපරිම සීමාවක් තියෙනවද?
ඔව්, අවම මුදල රු. 1.00 කි. උපරිම මුදල වන්නේ ඔබේ Dialog Pay Digital Savings ගිණුමේ ඇති ශේෂයයි.
Pocket එකකින් මුදල් පිටතට ගැනීමේදී (Transfer Money Out) අවම හෝ උපරිම සීමාවක් තියෙනවද?
ඔව්. Pocket එකේ අවම වශයෙන් රු. 100.00ක ශේෂයක් පවත්වාගත යුතුයි. ඉතිරි මුදල ඔබට Dialog Pay Digital Saver ගිණුමට මාරු කරන්න පුළුවන්.
Pocket එකක් වසා දමන විට එහි ශේෂයක් ඉතිරිව තිබුනොත් මොකද වෙන්නේ?
එම ශේෂය ස්වයංක්‍රීයව ඔබගේ Dialog Pay Digital Saver ගිණුමට බැර වේ.