ඉතිරිකිරීමේ ගිණුම

ඩයලොග් ෆිනෑන්ස්* ඩිජිටල් ඉතිරිකිරීමේ ගිණුම් සමගින් ගනුදෙනු කිරීමේ පහසුව ඔබේ ඇඟිලි තුඩක දුරින්. ඔබගේ ඉතුරුම් සඳහා ආකර්ෂණීය පොළී හිමිකර ගන්නා අතරම බිල්පත් ගෙවන්න, LANKAQR කේත මගින් ස්කෑන්කර ගෙවීම් සිදුකරන්න, ඕනෑම LankaPay පහසුකම සහිත ඩෙබිට් කාඩ්පතකින් මුදල් ලබා ගන්න මෙන්ම අනෙකුත් බැංකු ගිණුම්වලට මුදල් යොමු කරන්න.

ලියාපදිංචිය මුළුමනින්ම ඩිජිටල්කරණයකර තිබෙන බැවින්, පෝලිම්වල කාලය ගත කිරීමෙන් තොරව ඉතා පහසුවෙන් ගිණුම් විවෘත කළ හැකි බැවින් මෙය ඔබ අත්විඳින වඩාත් පහසුම ගිණුම් විවෘත කිරීමේ ක්‍රියාවලිය බවට පත්වනු ඇත.

Key Features
අන්තර්ජාලයෙන් ගිණුම් විවෘත කිරීම
කඩිනම් මුදල් හුවමාරු
LankaPay පහසුකම සහිත ATM කාඩ්පත් හරහා ATM මගින් මුදල් ලබාගත හැකි වීම
Genie යෙදවුම මගින් ATM කාඩ්පත හැසිරවිය හැකි වීම
පහසුවෙන් ගෙවීම් සිදු කරන්න
  • Genie සමග ලියාපදිංචි වී සිටින අලෙවිකරුවන් හට ගෙවීම් සිදු කරන්න
  • LANKAQR අලෙවි පරිශ්‍රවලදී ස්කෑන්කර කෙලින්ම ඔබේ ගිණුමෙන් ගෙවීම් සිදු කරන්න
  • උපයෝගිතා බිල්පත් සහ ජංගම දුරකථන බිල්පත් පහසුවෙන් ගෙවන්න
පහසුවෙන් සහ ආරක්ෂිතව මුදල් ගනුදෙනු සිදු කරන්න
  • ඕනෑම ආකාරයක ගිණුමකින් මුදල් ලබා ගන්න
  • ඔබේ ගිණුමෙන් ඕනෑම වෙනත් බැංකුවක ගිණුමකට මුදල් යොමු කරන්න
  • විශ්වාසයෙන් සහ ආරක්ෂිතව මුදල් ඉතිරි කරන්න
  • ශ්‍රී ලංකා මුදල් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ, සුදුසුකම් ලත් තැන්පත්කරුවෙකුට 1,100,000 ක උපරිමයකට යටත්ව, තැන්පතු රක්ෂණයකර ඇත
ඔබගේ ATM කාඩ්පත හසුරුවන්න
  • LankaPay පහසුකම සහිත ඕනෑම ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමට ඔබගේ ATM කාඩ්පත භාවිත කරන්න
  • Genie යෙදවුම හරහා, නව කාඩ්පතක් ඉල්ලා සිටින්න, PIN අංකය අලුත් කරන්න හෝ කාඩ්පත අවලංගු කරන්න
නිතර අසන ප්‍රශ්න
ඩයලොග් ෆිනෑන්ස් ඉතිරිකිරීම් යනු කුමක්ද?
  • එය, ඕනෑම මොහොතක, ඕනෑම දිනයක කෙලින්ම ඔබගේ ජංගම දුරකථනයෙන් ඔබේ මුදල්වලට ප්‍රවේශ වීම සඳහා හඳුන්වා දී ඇති නවෝත්පාදන ඩිජිටල් ඉතුරුම් විසඳුමකි.
ඩයලොග් ෆිනෑන්ස් ඉතිරිකිරීමේ ගිණුමක් විවෘත කරන්නේ කෙසේද?
  • Google Store හෝ Apple Store හරහා Genie යෙදවුම ඩවුන්ලෝඩ් කර ගන්න
  • Open a Savings Account' මත ක්ලික් කර ලැබෙන උපදෙස් අනුගමනය කරන්න
මාගේ ඩයලොග් ෆිනෑන්ස් ගිණුමට මුදල් තැන්පත් කරන්නේ කෙසේද?
  • ඉතිරිකිරීමේ ගිණුම් ශේෂය පහළින් ඇති 'Add Money' ක්ලික් කර Just Pay විකල්පය හරහා ඔබගේ වෙනත් බැංකු ගිණුම්වල මුදල් යොමුකර ගත හැකිය.
  • මුදල් යොමු කිරීමේදී අදාළවන ගාස්තු සඳහා පිවිසෙන්න: (https://www.dialogfinance.lk/docviewer?id=genierates)
ඩයලොග් ෆිනෑන්ස් ඉතිරිකිරීමේ ගිණුමේ ඇති විශේෂතා මොනවාද?
  • Just Pay විකල්පය හරහා වෙනත් බැංකුවලින් මුදල් යොමු කිරීමේ හැකියාව
  • ඉතිරිකිරීමේ ගිණුම හරහා බිල්පත් ගෙවීමේ හැකියාව
  • ATM කාඩ්පතක් ඉල්ලා සිටීමේ සහ එය හැසිරවීමේ හැකියාව
  • ඉතිරිකිරීමේ ගිණුම් හරහා QR/OTC ගෙවීම් සිදුකළ හැකි වීම
  • ඩයලොග් ෆිනෑන්ස් ගිණුමකට හෝ වෙනත් බැංකු ගිණුමකට මුදල් යොමු කළ හැකි වීම
  • ඔබගේ ගනුදෙනු විස්තරය දැකගත හැකි වීම
  • දැනටමත් සිටින පාරිභෝගිකයින් හට තම ඉතිරිකිරීමේ ගිණුම් සම්බන්ධකර Genie යෙදවුමේ ප්‍රතිලාභ අත්විඳීමට හැකි වීම
දෛනික මුදල් ආපසු ගැනීමේ සීමාව කුමක්ද?
  • ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමේදී දිනකට රු. 50,000
  • වෙනත් බැංකුවලට මුදල් යොමු කිරීමේදී එක් හුවමාරුවක් රු. 250,000
  • ඩයලොග් ෆිනෑන්ස් ගිණුමකින් ඩයලොග් ෆිනෑන්ස් ගිණුමකට මුදල් යොමු කිරීමේදී එක් හුවමාරුවක් රු. 1,000,000
මා හට අවශ්‍ය වූ විටෙක ඉ-ගිණුම් ප්‍රකාශයේ සහතික කරන ලද පිටපතක් ලබාගත හැකිද? ඒ කෙසේද?
  • ඔව්. සහතික කරන ලද ගිණුම් ප්‍රකාශයක් ලබා ගැනීමට පාරිභෝගිකයා ඩයලොග් ෆිනෑන්ස් ශාඛාවකට යා යුතුය
මාගේ ඩයලොග් ෆිනෑන්ස් ඉතුරුම් සඳහා පොළිය ලැබෙන්නේ කවදා සිටද?
  • තැන්පතුව සිදු කළ දවසේ සිට
මෙම ඉතිරිකිරීමේ ගිණුමට ගාස්තු අදාළ වනවාද?
මා හට හවුල් ගිණුමක් ආරම්භ කළ හැකිද?
  • දැනට එසේ කළ නොහැකියි. ඔබට විවෘත කළ හැක්කේ තනි-පුද්ගල ඩයලොග් ෆිනෑන්ස් ඉතිරිකිරීමේ ගිණුමක් පමණි
යෙදවුම හරහා ATM කාඩ්පතක් ඉල්ලා සිටින්නේ කෙසේද?
  • Open a Savings Account' මත ක්ලික් කරන්න
  • Get Your ATM Card' මත ක්ලික් කරන්න
  • I need a Dialog Finance ATM card’ තෝරන්න
  • ඔබට ATM කාඩ්පත ලබා ගැනීමට අවශ්‍ය කෙසේද යන්න තෝරන්න
මාගේ PIN අංකය අලුත් කරන්නේ කෙසේද?
  • Open a Savings Account’ මත ක්ලික් කරන්න
  • Manage ATM card’ මත ක්ලික් කරන්න
ඩයලොග් ෆිනෑන්ස් ඉතිරිකිරීමේ ගිණුමක් විවෘත කිරීමට අවශ්‍ය ලියකියවිලි මොනවාද?
  • වලංගු හැඳුනුම්පත් සාක්ෂ්‍යයක් (ජාතික හැඳුනුම්පත/රියදුරු බලපත්‍රය/විදේශ ගමන් බලපත්‍රය)
  • දැනට පදිංචි ලිපිනය, ඉහත හැඳුනුම්පත්වල සඳහන් ලිපිනයට වඩා වෙනස් නම්, මාස 03 කට මෙපිට පහත බිල්පත් සාක්ෂ්‍ය ඉදිරිපත් කළ යුතුය.
  • රියදුරු බලපත්‍රය
  • උපයෝගිතා බිල්පත් (ජංගම දුරකථන බිල්පත් හැර)
  • බැංකු ගිණුම් ප්‍රකාශය/බැංකු පොත
  • රජයේ බලයලත් ආයතනයකින් ලිපියක්
  • කුලී නිවාස ගිවිසුම
  • ආදායම් බදු රිසිට්පත/ඇගයුම් නිවේදනය
මාගේ ගිණුම් ශේෂ පරික්ෂා කරන්නේ කෙසේද?
  • Genie යෙදවුමට ලොග් වී Savings Account Information පිටුව බලන්න
ඩයලොග් ෆිනෑන්ස් ඉතිරිකිරීමේ ගිණුමක් විවෘත කිරීමට අවශ්‍ය අවම තැන්පතුව කොපමණද?
  • ඩයලොග් ෆිනෑන්ස් ඉතිරිකිරීමේ ගිණුමක් විවෘත කිරීම සඳහා අවම තැන්පතු මුදලක් නැත
මාගේ ගනුදෙනු සඳහා මුද්‍රිත ප්‍රකාශයක් ලබාගත හැකිද?
  • නොහැකියි. සෑම මාසයකම අවසානයේදී ඔබට ඉ-ගිණුම් ප්‍රකාශයක් ලැබෙනු ඇත
මෙම සේවාවේ පොළිය කොපමණද?
  • ඔබට 4.50% ක වාර්ෂික පොළියක් හිමිවනු ඇත. (රෙගුලාසි උපදෙස් මත හෝ සමාගමේ තීරණය මත අවශ්‍ය විටෙකදී පොළිය වෙනස් කිරීමේ පූර්ණ බලය සමාගම සතුය)
  • පොළී අනුපාත: මෙතනින් පිවිසෙන්න
මාගේ ඩයලොග් ෆිනෑන්ස් ඉතිරිකිරීමේ ගිණුමට පොළිය ගණනය කරන්නේ කෙසේද?
  • දිනයේ ශේෂය මත පොළිය දෛනිකව ගණනය කෙරේ. එම පොළිය සෑම මසකම 25 වනදා පාරිභෝගිකයාග ගිණුමට බැර කෙරේ.
ගිණුමේ අවම ශේෂයක් පවත්වාගත යුතුද?
  • පාරිභෝගිකයින් රු. 15,000 ක දෛනික අවම ශේෂයක් පවත්වාගත යුතුය
ATM ගාස්තු මොනවාද?
  • වෙනත් බැංකුවල ATM යන්ත්‍රයකින් මුදල් ආපසු ගැනීමේදී වරකට රු. 25 බැගින්
  • ශේෂය පරික්ෂා කිරීමක් සඳහා රු. 7.50 බැගින්
මාගේ කාඩ්පත ඉතිරිකිරීමේ ගිණුමට සම්බන්ධ කරන්නේ කෙසේද?
  • Open a Savings Account' මත ක්ලික් කරන්න
  • Get your ATM card’ මත ක්ලික් කරන්න
  • I already have a Dialog Finance ATM card’ තෝරන්න
  • ඉලක්කම් 19 කින් යුතු ATM කාඩ්පත් අංකය ඇතුළත් කරන්න
  • OTP අංකය තහවුරු කරන්න
  • ඔබගේ ඉතිරිකිරීමේ ගිණුම් විස්තර තහවුරු කරන්න
  • අංක 4 ක PIN අංකයක් ඇතුළත් කරන්න
*1981 නොවැම්බර් 25 වනදා ස්ථාපනය කරන ලද ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, Fitch Ratings Lanka ආයතනය විසින් AA(lka) ක ස්ථාවරත්වයක් ඇති සමාගමක් ලෙස ශ්‍රේණිගතකර ඇති අතර, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ බලපත්‍රලාභී සමාගමකි.