Promotions Genie තෑගි සතිය

නියමයන් සහ කොන්දේසි
  • “Genie තෑගි සතිය” ප්‍රවර්ධන වැඩසටහන Dialog Finance PLC විසින් සංවිධානය කරනු ලබයි.
  • මෙම ප්‍රවර්ධන කාලසීමාව 2026 ජූනි 25 සිට 2026 ජූනි 30 දක්වා (එම දින දෙකම ඇතුළත්ව) වලංගු වේ. මෙම කාලසීමාවෙන් පිටත සිදුකරනු ලබන ගනුදෙනු ප්‍රවර්ධන වැඩසටහන සඳහා සුදුසුකම් නොලබයි.
  • මෙම දීමනාව වලංගු වන්නේ Genie ඉතිරිකිරීමේ ගිණුම භාවිත කරන Dialog Finance PLC ඉතිරිකිරීමේ ගිණුම් හිමියන් සඳහා පමණි.
  • මේ සඳහා සුදුසුකම් ලැබීමට පාරිභෝගිකයන් ප්‍රවර්ධන කාලසීමාව තුළ Genie හරහා ජල සහ විදුලි බිල්පත් 2ක් සහ මුදල් හුවමාරු 2 ක් කළ යුතු අතර එම ගනුදෙනු වල මුළු වටිනාකම රු. 4,000ක් හෝ ඊට වැඩි විය යුතුය.
  • සුදුසුකම් ලබන ගනුදෙනු වර්ග පහත පරිදි වේ:
    • DF Savings භාවිතයෙන් බිල්පත් ගෙවීම්
    • CEFT මාරු කිරීම් (Out)
  • සුදුසුකම් ලත් පාරිභෝගිකයන්ට රු. 2,500ක් බැගින් වටිනා Glomark E-Vouchers දිනා ගැනීමේ අවස්ථාව හිමිවේ. ජයග්‍රාහකයින් 20 දෙනෙකු තෝරාගනු ලබන අතර, ප්‍රවර්ධන වැඩසටහන අවසන් වූ දින සිට සතියක් ඇතුළත ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.
  • ප්‍රවර්ධන කාලසීමාව තුළ එක් පාරිභෝගිකයෙකුට/ජයග්‍රාහකයෙකුට හිමිවන්නේ එක් (1) E-Voucherක් පමණි.
  • Dialog Finance PLCහි සේවකයින්, ආධුනිකයින් සහ කොන්ත්‍රාත් සේවකයින් මෙම ප්‍රවර්ධන වැඩසටහන සඳහා සුදුසුකම් නොලබයි.
  • ජයග්‍රාහකයන් තෝරාගැනීම Dialog Finance PLCහි පූර්ණ අභිමතය පරිදි සිදු කෙරෙන අතර එය අවසාන හා නිශ්චිත තීරණය වේ.
  • මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ නිකුත් කරනු ලබන Glomark E-Vouchers 2026 දෙසැම්බර් 31 දිනෙන් කල් ඉකුත් වේ. කල් ඉකුත් වූ Vouchers සඳහා කාලය දීර්ඝ කිරීම, ප්‍රතිස්ථාපනය කිරීම හෝ ඒ වෙනුවට මුදල් ලබාදීම සිදු නොකෙරේ.
  • E-Vouchers වෙනත් අයෙකුට පැවරිය නොහැකි අතර ඒවා මුදල් හෝ වෙනත් ප්‍රතිලාභ සඳහා හුවමාරු කර ගත නොහැක.
  • ගනුදෙනුවල සුදුසුකම් පරීක්ෂා කිරීමේ මෙන්ම ප්‍රවර්ධන වැඩසටහන අවභාවිත කරන හෝ වංචනික ක්‍රියාවල නිරත වන ඕනෑම අයෙකු වැඩසටහනෙන් ඉවත් කිරීමේ පූර්ණ අයිතිය Dialog Finance PLC සතුය.
  • පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම අවස්ථාවක මෙම ප්‍රවර්ධන වැඩසටහන හෝ මෙහි නියමයන් සහ කොන්දේසි සංශෝධනය කිරීමේ, අත්හිටුවීමේ හෝ අවලංගු කිරීමේ පූර්ණ අයිතිය Dialog Finance PLC සතුය.
  • මෙම ප්‍රවර්ධනයට සහභාගී වීමෙන් පාරිභෝගිකයන් මෙම නියමයන් සහ කොන්දේසි වලට එකඟ වන බව පිළිගැනේ.