Menu
Home
Promotions
Products
Frequently Asked Questions
Services
Why Genie
Contact Us
Home
Promotions
Products
Frequently Asked Questions
Services
Why Genie
Contact Us
SN
En
En
SN
EN
TA
Promotions
Genie හරහා ගනුදෙනු කර ජයගන්න – නියමයන් සහ කොන්දේසි
නියම සහ කොන්දේසි
“Genie හරහා ගනුදෙනු කර ජයගන්න” ප්‍රවර්ධන වැඩසටහන Dialog Finance PLC විසින් සංවිධානය කරනු ලබයි.
මෙම ප්‍රවර්ධන කාලසීමාව 2026 මැයි 25 සිට 2026 මැයි 31 දක්වා (එම දින දෙකම ඇතුළත්ව) වලංගු වේ. මෙම කාලසීමාවෙන් පිටත සිදුකරනු ලබන ගනුදෙනු ප්‍රවර්ධන වැඩසටහන සඳහා සුදුසුකම් නොලබයි.
මෙම දීමනාව වලංගු වන්නේ Genie ඉතිරිකිරීමේ ගිණුම භාවිත කරන Dialog Finance PLC ඉතිරිකිරීමේ ගිණුම් හිමියන් සඳහා පමණි.
මේ සඳහා සුදුසුකම් ලැබීමට පාරිභෝගිකයන් ප්‍රවර්ධන කාලසීමාව තුළ Genie හරහා අවම වශයෙන් සුදුසුකම් ලත් ගනුදෙනු තුනක් (3) සිදු කළ යුතු අතර එම ගනුදෙනු වල මුළු වටිනාකම රු. 5,000ක් හෝ ඊට වැඩි විය යුතුය.
සුදුසුකම් ලබන ගනුදෙනු වර්ග පහත පරිදි වේ:
DF Savings භාවිතයෙන් බිල්පත් ගෙවීම්
DF Savings භාවිතයෙන් Reloads
CEFT මාරු කිරීම් (Out)
DF Savings භාවිතයෙන් LankaQR ගෙවීම්
Genie භෞතික හෝ අතථ්‍ය ඩෙබිට් කාඩ්පත් ගනුදෙනු
සුදුසුකම් ලත් පාරිභෝගිකයන්ට රු. 2,500ක් බැගින් වටිනා Glomark E-Vouchers දිනා ගැනීමේ අවස්ථාව හිමිවේ. ජයග්‍රාහකයින් 20 දෙනෙකු තෝරාගනු ලබන අතර, ප්‍රවර්ධන වැඩසටහන අවසන් වූ දින සිට සතියක් ඇතුළත ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.
ප්‍රවර්ධන කාලසීමාව තුළ එක් පාරිභෝගිකයෙකුට/ජයග්‍රාහකයෙකුට හිමිවන්නේ එක් (1) E-Voucherක් පමණි.
Dialog Finance PLCහි සේවකයින්, ආධුනිකයින් සහ කොන්ත්‍රාත් සේවකයින් මෙම ප්‍රවර්ධන වැඩසටහන සඳහා සුදුසුකම් නොලබයි.
ජයග්‍රාහකයන් තෝරාගැනීම Dialog Finance PLCහි පූර්ණ අභිමතය පරිදි සිදු කෙරෙන අතර එය අවසාන හා නිශ්චිත තීරණය වේ.
මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ නිකුත් කරනු ලබන Glomark E-Vouchers 2026 දෙසැම්බර් 31 දිනෙන් කල් ඉකුත් වේ. කල් ඉකුත් වූ Vouchers සඳහා කාලය දීර්ඝ කිරීම, ප්‍රතිස්ථාපනය කිරීම හෝ ඒ වෙනුවට මුදල් ලබාදීම සිදු නොකෙරේ.
E-Vouchers වෙනත් අයෙකුට පැවරිය නොහැකි අතර ඒවා මුදල් හෝ වෙනත් ප්රතිලාභ සඳහා හුවමාරු කර ගත නොහැක.
ගනුදෙනුවල සුදුසුකම් පරීක්ෂා කිරීමේ මෙන්ම ප්‍රවර්ධන වැඩසටහන අවභාවිත කරන හෝ වංචනික ක්‍රියාවල නිරත වන ඕනෑම අයෙකු වැඩසටහනෙන් ඉවත් කිරීමේ පූර්ණ අයිතිය Dialog Finance PLC සතුය.
පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම අවස්ථාවක මෙම ප්‍රවර්ධන වැඩසටහන හෝ මෙහි නියමයන් සහ කොන්දේසි සංශෝධනය කිරීමේ, අත්හිටුවීමේ හෝ අවලංගු කිරීමේ පූර්ණ අයිතිය Dialog Finance PLC සතුය.
මෙම ප්‍රවර්ධනයට සහභාගී වීමෙන් පාරිභෝගිකයන් මෙම නියමයන් සහ කොන්දේසි වලට එකඟ වන බව පිළිගැනේ.