ඔබේ ගෙවීම් රටාවට ගැළපෙන හොඳම ක්‍රමය!
මේ සේවාවෙන් ඔබේ Dialog Finance Debit කාඩ්පතෙන් කරන ගනුදෙනු, මාස 3ක් හෝ 6ක් වැනි පහසු වාරික සැලසුම් බවට පත් කරගෙන, මාසිකව ගෙවන්න පුළුවන්. ඒ සඳහා Dialog Pay app එක හරහා ලේසි හා පහසු වාරික සැලසුමක් ලබා ගන්න පුළුවන් වගේම කිසිම ලියකියවිල්ලක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. මේක කලින් අනුමත කර ආරම්භ කරන වාරික සැලැස්මක් නිසා, අතරමග කරදර නැතිව මෙම සේවාව අත්විඳින්නත් පුළුවන්. ඔබේ මූල්‍ය කටයුතු කාර්යක්ෂමව කළමනාකරණය කරගැනීමට Dialog Finance වෙතින් හඳුන්වා දෙන Flexipay යනු හොඳම සහ බුද්ධිමත්ම ක්‍රමයයි.