පහත සඳහන් කොන්දේසි පිළිපැදීමට මෙයින් ණයකරු එකඟ වේ.
මෙම පහසුකම සම්පූර්ණයෙන්ම ගෙවා නිම කරන තෙක්, ණයකරු විසින් ආයතනයේ පවත්වාගෙන යනු ලබන ඉතිරි කිරීමේ ගිණුමෙහි පවතින මුදල් නවතා තැබීමේ අයිතිය ආයතනය විසින් රඳවා සිටින බව ණයකරු එකඟ වේ.
ආයතනය විසින් මෙම පහසුකම සැපයීම සම්බන්දව ණයකරුගේ ගිණුමට බැර කරනු ලබන පහත සඳහන් වන යම් ගාස්තු ණයකරු විසින් ගෙවිය යුතු වේ.
- සාමාණ්‍ය හා දඩ පොලිය මත ගාස්තු.
- අදාළ වන තැපැල් හා අනෙකුත් හැසිරවීමේ ගාස්තු.
- අදාළ වන නිරීක්ෂණ, තක්සේරු සහ වෙතත් නානාවිධ ගාස්තු.
- බදු නැතහොත් රජය විසින් හෝ අනෙකුත් සංස්ථාපිත ආයතන විසින් පමුණු වන ලද එවන් ගාස්තු.
- නෛතික ගාස්තු.
- ආයතනය වෙත ණයකරු විසින් ගෙවිය යුතු මුදල් අය කර ගැනීම පිණිස ආයතනය විසින් දරන්නට සිදු වූ වෙනත් සියලු වියදම්.
ගෙවිය යුතු මාසික වාරික ගෙවීම් ගෙවීමේ දී සිදුවන ප්‍රමාද හා/හෝ පැහැර හැරීම් මෙහි ඉහත ඡේද 2 යටතේ විස්තර කළ මෙම ගිවිසුමේ පැහැර හැරීම් ගෙවීමේ නියමයන් හා කොන්දේසිවලට යටත් වේ.
පහත සඳහන් සිද්ධීන් සිදු වූ සැනින් ඒ බව ණයකරු විසින් ආයතනය වෙත දැන්විය යුතු අතර, ණයකරු විසින් ආයතනය වෙත ගෙවිය යුතු මුදල් සම්පූර්ණයෙන් ගෙවා නිම කරන මෙන් ආයතනය විසින් ඉල්ලන ලද අවස්ථාවෙහි දී, එය එසේ ගෙවිය යුතු යි.
- ඔහුගේ/ඇයගේ මූල්‍ය තත්ත්වයේ යම් වැදගත් වෙනසක් බලාපොරොත්තු වූ වි හෝ සිදු වූ විට.
- ඔහුගේ/ඇයගේ මූල්‍ය හැකියාව කෙරෙහි බලපෑම් ඇති කළ සුළු හා ණයකරු සම්බන්ධ විය හැකි යම් නඩු කටයුතු හි විස්තර.
- ඔහුගේ/ඇයගේ රැකියාවේ අවසන් කිරීම් හෝ ඉල්ලා අස්වීම් හෝ එවන් සිදුවීම්.
පහත සඳහන් කරුණු සම්බන්ධව ණයකරු වෙත නොදන්වා ක්‍රියා කිරීම පිණිස ණයකරු විසින් ස්ථීරව බලය ලබා දෙයි.
- මෙම පහසුකමේ ගිණුම, ණයකරුගේ වෙනත් සියලු හෝ යම් ගිණුම් හෝ තැන්පතු කාලීන හෝ ඉල්ලීම්) සමඟ බද්ධ කිරීම.
- ණයකරුගේ බැරට තිබෙන සියලු මුදල් මාරු කිරීමේ සහ කපා හැරීමේ සීමා රහිත අයිතිය එක්ව, එම අයිතිය හෝ බලය ක්‍රියාවේ යෙදීමේ දිනහි හෝ ඊට පෙර ණයකරු විසින් යම් නිලධාරි වෙත කළ ගෙවීම් ඉල්ලීම්, හෝ ආපසු ගැනීම හෝ එවන් වෙනත් ලේඛණ අගරු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීම සහ ණයකරුගේ නමින් තිබෙන ගිණුම් අවසන් කිරීම පවා සිදු කිරීමේ අයිතිය සහ එවැනි අවස්ථාවන්හි ආයතනය වෙත ණයකරුගේ සියලු ඉල්ලීම් හෝ හිමිකම් ආදීන්ට එරෙහිව ආයතනය හානි පූර්ණ කිරීමට මෙයින් ණයකරු බාර ගනියි.
ආයතනය විසින් මෙම පහසුකම ලබා දීමේ ප්‍රතිඵලයක් වශයෙන් ණයකරු විසින් ගෙවිය යුතු මුදල් පෙන්නුම් කරන යම් ප්‍රකාශ, ලියවිලි හෝ වෙනත් ලේඛන සහ කළමණාකරු හෝ ගණකාධිකාරි විසින් අත්සන් තබා සහතික කළ ආයතනයේ පොත් හෝ ලේඛන, ආධාරක වශයෙන් වෙනත් යම් ලේඛන හෝ කුවිතාන්සි ඉදිරිපත් නොකර, ණයකරු විසින් ආයතනය වෙත ගෙවිය යුතු මුදල් ගැන තීරණාත්මක සාධක වන්නේ ය.
මෙම පහසුකමට අදාළ ව ණයකරුගෙන් ආයතනය වෙත ලැබිය යුතු මුදල් සහ එහි මත පොලී, කාලාවරෝද ආඥා පනත (පරිච්ඡේදය 68) නොසලකා හරිමින් ණයකරුගෙන් අය කර ගත යුතු අතර, එම මුදල් අය කර ගැනීම පිණිස ආයතනය විසින් නඩු පැවරීමට බාධාවක් ලෙස ණයකරු විසින් කාලාවරෝද ආඥා පනත (පරිච්ඡේදය 68) නැංවිය නොයුතු යි.
ණයකරු හෝ ඔහුගේ නියෝජිතයින්, සේවකයන් හෝ නිළධාරින් විසින් ලිඛිතව හෝ වෙනත් ආකාරයකින් ණයකරු වෙනුවෙන් හෝ ණයකරු වෙනුවෙන් යැයි ආයතනය වෙත කරන ලද නියෝජනය සහ ප්‍රකාශ සත්‍ය හා නිවැරදි බව සැලකෙන අතර, එය මත ආයතනය විසින් ක්‍රියා කිරිමට අදහස් කෙරෙන අතර, එකී මුදල් අය කර ගැනීමෙන් ඇතිවන කොන්ත්‍රාත්තුවෙහි මුල් විය යුතු යි.
ණයකරු විසින් පැහැර හරින අවස්ථාවේ දී හිඟ මුදල් අය කර ගැනීම පිණිස ආයතනය විසින් තුන්වන පාර්ශවයක් පත් කළ හැකි වන අතර, ඒ සඳහා වන වියදම් සියල්ල ගෙවීමට ණයකරු විසින් එකඟ වේ.
මෙම ගිවිසුම යටතේ අදාළ වන පොලී අනුපාත, සේවා ගාස්තු සහ අනෙකුත් ගාස්තු එහි එකීය අභිමතය පරිදි ආයතනය විසින් කලින් කල වෙනස් කළ හැකි බව ණයකරු විසින් එකඟ වේ. කෙසේ වෙතත්, එවන් වෙනසක් සිදු කිරීමට පෙරාතුව ආයතනය විසින් ණයකරු වෙත (අසම්පූර්ණ වාක්‍යයකි)
ණයකරු විසින් ආයතනය වෙත ගෙවිය යුතු මුදල් සම්බන්ධව මෙම ගිවිසුම බැලූ බැල්මට සාක්ෂි විය යුතු යි.
කලින් ගෙවා නිම කිරීමේ අවස්ථාවක දී, වට්ටම් ලබා ගැනීමට ණයකරුට හිමිකම් නැත.
ආයතනයේ සේවාවලින් ණයකරු වෙත ලබා දෙන ලද හා/හෝ ඔහු විසින් භාවිත කරන ලද හා/හෝ වෙනත් යම් පහසුකම්හි ප්‍රතිඵලයක් වශයෙන් ඇති වන (ස්ථීර තැන්පතු ඇතුළු) ණයකරු විසින් දරන/ඔහුගේ යම් ගිණුම්වල පවතින ශේෂ සහ ආයතනය/එහි බාරකරුවන් හෝ නියෝජිතයින් විසින් දරන/එහි පාලනයේ පවතින (ණයකරු විසින් ඕනෑම තරාතිරමින් ගිවිස ගත්/ගිවිස ගැනීමට අපේක්ෂිත කොන්ත්‍රාත්තු/ ඇපකරය මත හට ගන්නා) මුදල්, ඇපකර, බැදුම්කර සහ ඕනෑම මාදිලියේ හා වර්ගයේ වෙනත් සියලු වත්කම්, ලේඛන, ඔප්පු සහ දේපල කපා හැරීමට ආයතනය අයිතිය ලද්දේ ය. තවද, ඉහත කී වත්කම්හි ආයතනය විසින් අයිතිය ද ලද්දේ ය.
ඉහත කී අයිතීන්වලට සහ නීතිය ක්‍රියාත්මක කිරීම හා කොන්ත්‍රාත් හෝ වෙනත් ආකාරයකින් ඕනෑම අවස්ථාවක ආයතනය විසින් දැරිය හැකි වෙනත් අයිතීන්වලට අමතරව ණයකරු විසින් ආයතනය වෙත පහත සඳහන් වන බලය පවර යි.
- ණයකරුගේ යම් ගිණුම් සහ බැරකම් ඔනෑම වේලාවක ආයතනයේ යම් ශාඛාවට හෝ සමඟ එකතු කිරීම හෝ ඒකාබද්ධ කිරීම.
- ආයතනය විසින් දරන ණයකරුගේ ඇපකර හෝ දේපල අධිකරණ කටයුතු මෙහෙය වීමට අවශ්‍ය නොමැතිව ප්‍රසිද්ධ හෝ පුද්ගලික විකිණීම් හෝ බැහැර කිරීම් මඟින් හෝ වෙනත් ඕනෑම ආකාරයකින් විකිණීමට හෝ පැවරීමට සහ එයින් ලැබෙන ආදායම් රඳවා තැබීමට/එවන් විකිණීම / බැහැර කිරීම / පැවරීම සඳහා වන වියදම් ඇතුළු ණයකරුගෙන් ආයතනයට ගෙවිය යුතු හිඟ මුදල් පියවීම.
පහසුකම සම්පූර්ණයෙන්ම ගෙවා නිමා කරන තෙක් ලියාපදිංචි කරන ලද ජංගම දුරකථනයේ අංකය හා/හෝ පුද්කලික විස්තර ණයකරු විසින් වෙනස් කළ හා/හෝ පැවරිය නොයුතු යි.
පහසුකම මත නොගෙවූ හිඟ පවතින කල්හි ආයතනය පහත සඳහන් වන අයිතිය ලද්දේ ය.
- හිඟ ගෙවීම් සම්පූර්ණයෙන්ම ගෙවන තෙක්, ණයකරු වෙත ගෙවිය යුතු වට්ටම්, ගාස්තු හෝ එවන් ගෙවීම් රඳවා තබන මෙන් ඩයලොග් ආසියාටා පීඑල්සී වෙත නියෝග කිරීම හා/හෝ
- ණයකරු වෙත කිසිඳු දැන්වීමකින් තොරව ඔහුගේ eZ කෑෂ් පසුම්බියෙහි තිබෙන ඕනෑම මුදලින් හිඟ මුදල් අඩු කර ආයතනය වෙත ගෙවන මෙන් ඩයලොග් ආසියාටා පීඑල්සී වෙත නියෝග කිරීම.
පාරිභෝගික වෙත ඒකාබද්ධ සේවාවක් පිරිනැමීම උදෙසා හා/හෝ යම් හිඟය අය කර ගැනීම සඳහා හා/හෝ යම් අපරාධ විමර්ශනය සම්බන්ධව එහි දත්ත සමුදායගත/නිශ්චිත තොරතුරු එහි අනුබද්ධිත හා/හෝ හිමිකාරි සමාගමක් හා/හෝ ඕනෑම රජයේ අධිකාරිය සමඟ ආයතනය විසින් සමඟ හුවමාරු කිරීමේ අයිතිය එය ලද්දේ ය.
2016, අංක 8 දරන සංශෝධන පනත මඟින් සංශෝධිත 1968, අංක 32 දරන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනතේ 39ආ(ඇ) වගන්තිය යටතේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නියමිත ආයතනයක් වශයෙන් මෙකී ආයතනය පිළිගෙන ඇති බව ණයකරු අවබෝධ කර සිටි යි. ණයකරු විසින් සපයන ලද පහත සඳහන් වන ඔහුගේ තොරතුරුවල සත්‍යභාවය ඇගයීම් පිණිස එම දෙපාර්තමෙන්තුවේ පවත්වාගෙන යනු ලබන ණයකරුගේ ජාතික හැඳුනුම්පතෙහි විස්තර කෙරෙහි පිවිසීමට ණයකරු මෙයින් එකඟ වේ.
- නම
- ලිපිනය
- උපන් දිනය
- උපන් ස්ථානය
- ලිංගිකත්වය
- නිකුත් කළ දිනය
- ඡායාරූපය
- හැඳුනුම්පතෙහි ඉදිරි පස සහ පිටු පස ස්කෑන් කළ පිටපත
- හැඳුනුම්පතෙහි පෙනෙන තොරතුරු අඩංගු කේතාංකයේ ස්කෑන් කළ පිටපත
- සටහනේ ස්වභාවය (සක්‍රිය/අක්‍රිය/අවලංගු කළ/වලංගු)