Menu
Home
Promotions
Products
Frequently Asked Questions
Services
Why Dialog Pay
Contact Us
Home
Promotions
Products
Frequently Asked Questions
Services
Why Dialog Pay
Contact Us
SN
En
En
SN
EN
TA
Promotions
iPhone 18 Pro Campaign
කොන්දේසි හා නියමයන්
මෙම ප්රවර්ධනය Dialog Pay Savings ගිණුම් හිමියන් සඳහා විවෘත වන අතර, Dialog Finance සේවකයින් මේ සඳහා සුදුසුකම් නොලබයි.
ප්රවර්ධන කාලසීමාව තුළ Dialog Pay App හරහා අවම වශයෙන් බැංකු ගනුදෙනු පහක් (05) සම්පූර්ණ කළ යුතුය.
සුදුසුකම් ලබන සෑම බැංකු ගනුදෙනුවක්ම අවම වශයෙන් රු. 1,000ක වටිනාකමකින් යුක්ත විය යුතුය.
බැංකු ගනුදෙනු සඳහා මුදල් යෙදවිය යුත්තේ Dialog Pay Savings ගිණුමක් භාවිතයෙන් පමණි.
වෙනත් බැංකු ගිණුම්, කාඩ්පත් හෝ වෙනත් ගෙවීම් ක්රම භාවිතයෙන් සිදුකරන බැංකු ගනුදෙනු සුදුසුකම් සඳහා වලංගු නොවේ.
මෙම ප්රවර්ධනය 2026 ඔක්තෝබර් 05 සිට 2026 නොවැම්බර් 20 දක්වා වලංගු වේ.
ප්රවර්ධන කාලසීමාව තුළ අවශ්ය බැංකු ගනුදෙනු සම්පූර්ණ කරන පාරිභෝගිකයින් දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබයි.
මෙම ප්රවර්ධන කාලසීමාව තුළ එක් පාරිභෝගිකයෙකුට උපරිම වශයෙන් එක් (01) අවස්ථාවක් සඳහා පමණක් සුදුසුකම් ලැබේ.
දිනුම් ඇදීමක් මගින් එක් (01) ජයග්රාහකයෙකු තෝරා ගනු ලැබේ.
ප්රවර්ධන කාලසීමාව අවසානයේ දැනුම් දීමෙන් අනතුරුව ජයග්රාහකයා විසින් ත්යාගය Dialog Finance ප්රධාන කාර්යාලයෙන් ලබාගත යුතුය.
ප්රවර්ධනය අවසන් වන දින සිට සති දෙකක් (02) ඇතුළත විද්යුත් තැපෑල සහ/හෝ දුරකථන ඇමතුමක් මගින් ජයග්රාහකයාට දැනුම් දෙනු ලැබේ.
Dialog Finance PLC ආයතනයට පූර්ව දැනුම්දීමකින් තොරව මෙම ප්රවර්ධනය සංශෝධනය කිරීමට, අත්හිටුවීමට හෝ අවසන් කිරීමට අයිතිය ඇත.
ප්රවර්ධන කාලසීමාව තුළ Dialog Pay Savings ගිණුම භාවිතයෙන් Dialog Pay App හරහා අවම වශයෙන් බැංකු ගනුදෙනු පහක් (05) සම්පූර්ණ කර ඇති අතර, සෑම ගනුදෙනුවක්ම අවම වශයෙන් රු. 1,000ක වටිනාකමකින් යුක්ත පාරිභෝගිකයින් iPhone 18 Pro එකක් දිනාගැනීම සඳහා වන දිනුම් ඇදීමට සුදුසුකම් ලබයි.
ජයග්රාහකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් Dialog Finance PLC හි තීරණය අවසාන තීරණය වේ.
අවශ්ය අවස්ථාවලදී පාරිභෝගිකයින්ට පූර්ව දැනුම්දීමක් සිදුකර, මෙම ප්රවර්ධනයේ කොන්දේසි හා නියමයන් සංශෝධනය කිරීමට හෝ වෙනස් කිරීමට Dialog Finance PLC ආයතනයට අයිතිය ඇත.
Dialog Finance PLC ආයතනයට තම අභිමතය පරිදි මෙම ප්රවර්ධනය සංශෝධනය කිරීමට, අත්හිටුවීමට හෝ ඉවත් කිරීමට අයිතිය ඇත.